මුල් මාස දෙක තුළ 4%ක ආර්ථික වර්ධ‍නයක්.

මේ වසරේ මුල් මාස දෙක තුළ මෙරට ආර්ථික වර්ධන වේගය 4%ක් දක්වා වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. පසුගිය වසරේ එම වේගය 3%ක් ලෙස තිබූ නමුත් මේ වසරේ වර්ධනය වැඩි වෙමින් පවතින බවද ඒ මහතා කීය.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යෑමත් චීනය හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර අර්බුදකාරිත්වය පහව යෑමත් වැනි කරුණු මෙරට ආර්ථිකය වර්ධනය වීමට බලපා ඇති කරුණු බවද ඒ මහතා පෙන්වා දුන්නේය. සංවර්ධන යෝජනා ක්‍රම රැසක ණය වාරික මේ වසරේ ගෙවීම ආරම්භ කිරීමට තිබෙන නමුත් මේ ආර්ථික වර්ධනය සුබදායි පෙරනිමිත්තක් බවද ඒ මහතා කීවේය.

No comments:

Ad
Powered by Blogger.