රජය කොළඹ නගරයේ අඩුපහසුකම් ජනතාව වෙනුවෙන් නිවාස 15000 ක් ඉදිකර අවසන්.

ලොකු සද්දයක් නැතුව, රජය කොළඹ නගරයේ අඩුපහසුකම් ජනතාව වෙනුවෙන් නිවාස 15000 ක් ඉදිකර අවසන් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ මැද කොළඹ සංවර්ධනය ගැන විද්වතුන්, මාධ්‍යවේදීන්, වෙළෙඳ ප‍්‍රජාව දැනුවත් කෙරෙන විශේෂ කතිකාවතට සහභාගී වෙමිනි. 

කොළඹ නගරයේ ජනගහනය ලක්‍ෂ හයකට ආසන්න ප‍්‍රමාණයක්. 1991දීත් කොළඹ නගරයේ ජනගහනය ලක්‍ෂ හයයි. ඒ කියන්නේ මේ නගරය ජනගහනය වැඩි වෙන්නේ නැති තැනක්. එහෙම වෙන්න බෑනෙ. දිනෙන් දින ජනගහනය වැඩිවෙනවා. සිද්ධවෙන්නේ මොකක්ද ඊට වැඩි වේගයකින් නගරයෙන් පලා යනවා අපේ ජනතාව. අද හෝමාගම, කඩුවෙල, කැස්බෑව ඒ වගේම අවිස්සාවේල්ල, මහරගම කියන ආසන තුනේම මැද කොළඹට වඩා වැඩි ඡුන්දදායකයන් ප‍්‍රමාණයක් ඉන්නවා. ඒ මොකද මැද කොළඹ නගරය දාලා ගිහිල්ලා තියෙන්නේ, මෙතන ඉන්න හිතෙන තැනක් නෙවෙයි. ඒ නිසා අපි බැලූවා මේ ප‍්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නව නිවාස යෝජනා ක‍්‍රමයක්, ජීවිතයක් ලබා දෙන්න  ඕනෙ කියලා, ගෙයක් විතරක් නෙවෙයි. ඒ නිසා තමයි මේ රජය ”නිවසක් එක්ක ජීවිතයක්” වැඩිපිළිවෙල ආරම්භ කරලා අද ලක්හිරු සෙවන, ලක්සිත සෙවන, සියසෙත සෙවන ආදී වශයෙන් නිවාස යෝජනා ක‍්‍රම අපි ඉදිකරලා තියෙනවා. මම බොහෝම පැහැදිලිව කියනවා මැද කොළඹ ඊල`ග අවුරුදු තුනේදී මෙම අඩු පහසුකම් ජනතාව වෙනුවෙන් නිවාස 10,000කට වැඩි ප‍්‍රමාණයක් සූදානම් කරනවා කියන එක. ඒ වගේම ඒ නිවාසත් එක්ක අපි අලූත් ජීවිතයක් ආරම්භ කරන්න  ඕනෙ. අපිට හැමදාම මත්ද්‍රව්‍ය එක්ක, ඒ වගේම මේ පාතාල ලෝකය එක්ක, දුරාචාරය එක්ක ජීවත්වෙන්න බෑ. අපේ දරුවන්ටත් හොඳ අනාගතයක් හොඳ පුරවැසිභාවයක් ශක්තිමත්ව මේ සමාජයේ හිස කෙලින් තියාගෙන ඉන්න පුලූවන් තත්ත්වයක් උදාකර ගන්න  ඕනෙ. අන්න ඒ සඳහා ”නිවසක් සමග ජීවිතයක්” වැඩපිළිවෙල අපි ආරම්භ කරලා තියෙනවා. අපි ආඩම්බරයෙන් කියනවා අද වෛද්‍ය පීඨයට පළවෙනි වතාවට අපේ දරුවෙක් ගියා. කළමනාකරණ පීඨයට පළවෙනි වතාවට අපේ දරුවෙක් ගියා. බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී විශ්වවි්‍යාලවලට සිය දහස් ගණනින් අපේ දරුවෝ ඇතුල්වෙයි කියලා. ඒ වගේම මේ උතුරු කොළඹ, මැද කොළඹ තියෙනවා ලොකු අඩුපාඩුවක්, භාෂා තුනෙන්ම ක‍්‍රියාත්මක වෙන හොඳ පාසල් පද්ධතියක් නොමැති වීම. ඉදිරි කාලයේදී ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ මගපෙන්වීම යටතේ ඒ පාසල් පද්ධතියක් ඇති කිරීමට අපි කටයුතු-කරන බවත් ඔබ සැමට මතක් කරන්න කැමතියි. මේ රජය බලයට පත්වෙන කොට 1958 ඉඳන් විවිධ ආණ්ඩු මේ රටේ අඩු පහසුකම් ජනතාව වෙනුවෙන් ගොඩනගා තිබුණේ නිවාස දස දහසකට ආසන්න ප‍්‍රමාණයක්. අපි ඒ ගැන බණ්ඩාරණායක ආණ්ඩුවට, අපි ඒ ගැන ජයවර්ධන ආණ්ඩුවට, ඒ වගේම රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාට විශාල විප්ලවයක් මේ කලාපයේ සිදුකළා. චන්‍ද්‍රිකා කුමාරතුංග මැතිනියට, මහින්ද රාජපක්ෂ මහත්තයාට ස්තූතිය පිරිනමන්න  ඕනෙ. නිවාස 10,000ක් ඇතිකරලා කරපු ඒ ක‍්‍රියාදාමයට. නමුත් මේ රජය ලොකු සද්දයකින් තොරව කොළඹ නගරය ඇතුලත මේ වන කොටත් නිවාස 15,000ක වැඩ අවසන් කර ඇති බව කියන්න  ඕනෙ. ඒ වගේම 2020 වන විට නිවාස 20,000ක වැඩ අවසන් කරනවා. ඒ වගේම අපේ බලාපොරොත්තුව 2024 වන විට ලෑලි පෙට්ටිවලින් හදපු කිසිම පැල්පතක් නැති ශක්තිමත් නිවාසයක හිමිකාරයෙක් බවට කොළඹ නගරවාසී ඔබව පත්කරන්න කියන එක අපේ අධිෂ්ඨානය බව ප‍්‍රකාශ කරනවා.

No comments:

Ad
Powered by Blogger.