දේශපාලනය විද්‍යාව කියන්නේ ගින්නෙන් උපන් විෂයක්: හේමප‍්‍රිය කවිරත්න.


ප්‍රවීණ දේශපාලන විද්‍යා දේශක හේමප‍්‍රිය කවිරත්න සමඟ වෙබ් අඩවිය කළ විශේෂ සාකච්ඡාව

Q: ඔබ කවුද? 

ඔබ කවුද කියල අහන ප‍්‍රශ්නයට සෘජු පිළිතුරක් දෙන්න අමාරුයි. සමාජය ඇතුලෙ මම කවුද කියන එක එක අය එක එක විදියට තීරණය කරනවා. ඒ නිසා මම කවුද කියන එක තීරණය කරන කොට මම සම්බන්ධයෙන් අනෙක් අය දෙන නිර්වචන යම් ප‍්‍රමාණයකට සලකන්න වෙනවා. මගේ යාළුවන්ට මම එක්කෙනෙක්. ගෙදර අයට තවත් කෙනෙක්.  දේශපාලනයේ දී තවත් කෙනෙක්. හැබැයි මම කැමති මම ගුරුවරයෙක් ලෙස හදාගන්න අනන්‍යතාවට. ඒ හින්දා මම ගුරුවරයෙක්. 

Q: ගුරුවරයෙක් ලෙස ඔබේ ස්ථානගත වීම මොන වගේද? 

මම ගුරුවරයෙක් ලෙස කේන්ද්‍රගත වුණේ දේශපාලන විද්‍යාව කියන විෂය ඉගැන්වීම තුළින්. මගේ ස්ථානගත වීම තීරණය කරන්න වෙන්නෙ මගේ විෂය උගන්වන අනෙක් ගුරුවරු අතරින්. මං හිතනවා මම මේ වන විට ඒ අය අතර සිටින කේන්ද්‍රීය ගුරුවරයා කියලා. 

Q: ඒ කියන්නේ ඔබ පොරක්?

මම හිතන්නෙ ඔව් කියල. හැබැයි ඒකට හේතු කියන්න  ඕන. 2017 ඉඳල දේශපාලන විද්‍යාවට නව විෂය නිර්දේශයක් හඳුන්වල දුන්න. පැරණි විෂය නිර්දේශයයි නව විෂය නිර්දේශයයි හාත්පසින්ම වෙනස්. එකම විෂය කරුණු සමහර තැන්වල තිබුණට උගන්වන්න  ඕන දෘෂ්ටිවාදය වෙනස්. මම හිතන්නේ අනෙක් බොහෝ ගුරුවරු අලූත් නිර්දේශය ඇතුලෙ ගිලෙද්දි මම ඒකෙන් ගොඩගියා කියලා. ඒකට මම විශාල කැප කිරීමක් කළා. ඒ කැප කිරීම සාර්ථකයි. 

Q: දේශපාලන විද්‍යාව ඉගෙනගත යුත්තේ ඇයි? 

පහුගිය කාලේ ලංකාවේ දේශපාලනය තුළ ඇතිවෙච්ච සිදුවීම් වෙලාවෙ ලංකාවෙ මිනිස්සු නිශ්චිත නිගමනයකට එන්න බැරුව අතරමං වුණේ දේශපාලනය පිළිබඳ විද්‍යාත්මක දැනුමක් තිබ්බෙ නැති හින්දා. නිදහසෙන් පස්සෙ හැමදාම ලංකාවෙ ආණ්ඩු බිහිවුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව. ඒත් 2018 මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයා කළේ සම්පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩක්. 47 පළවෙනි ආණ්ඩුව බිහිවෙන්නේ ඡන්දයෙන්. 52 ආයෙත් යූ.එන්.පී. එක බලයට පත්වෙන්නේ ඡුන්දයෙන්. 56 දි බණ්ඩාරනායක මහත්තයා එන්නේ ඡන්දයෙන්. 60 දි ඩඞ්ලි ඇවිල්ලා ආයෙ සිරිමාවෝ මැතිණිය එන්නෙ ඡන්දයෙන්. ඔය විදිහට බැලූවොත් ලංකාවේ හැමදාම ආණ්ඩු පෙරළුණේ ඡන්දයෙන්. ඒත් මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයා ඡන්දයෙන් නැති ආණ්ඩුවක් හැදුවා. පක්‍ෂ පාට භේද පැත්තකින් තියල බලපුවාම ඒක සම්පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩක්. ඒ වැඩෙත් හරියි කියලා උදම් අනපු මිනිස්සු ලංකාවේ හිටියා. ඒ හින්දා මං හිතන්නේ ලංකාවෙ ඉන්න ඔක්කොම දේශපාලන විද්‍යාව විෂයක් ලෙස ඉගෙන ගන්න  ඕනි. ගොඩක් මිනිස්සු දේශපාලනය ගැන දන්නවා. කතා කරනවා. හැබැයි ඒ අදහස් තර්කානුකුල නෑ. ඒ හින්දා ප‍්‍රජාතන්ත‍්‍රවාදීව බලයට පත්වන අයත් රජවරු බවට පත්වෙන්න උත්සාහ කරනවා. 

Q:  දේශපාලන විද්‍යාව උසස් පෙළ විෂය ධාරාව තුළ වැදගත් වෙන්නේ ඇයි? 

උසස් පෙළ කලා විෂය ධාරාව තුළ දේශපාලන විද්‍යාවට විශාල වැදගත්කමක් තියෙනවා. මොනව කළත් මේ විභාග අවසානයේ ළමයි බලාපොරොත්තු වෙන්නේ විශ්වවිද්‍යාලයට යන්න. ඒ වගේම ආර්ට් කරන්න සාමාන්‍ය පෙළ ඉහළ ප‍්‍රතිඵල රැුගෙන එන ළමයි බලාපොරොත්තු වෙන්නෙ නීති පීඨයට යන්න. ඒ සඳහා ඉහළ Z අගයක් තියෙන්න  ඕනි. හැමදාමත් දේශපාලන විද්‍යාව කියන්නේ ඉහළ Z අගයක් තිබ්බ විෂයක්. ඒ හින්ද නීති පීඨයට යන පාර ක්‍කැ්ර කරල දෙන්නේ දේශපාලන විද්‍යාවෙන්. 

Q: දේශපාලන විද්‍යාව ජීවිතයට වැදගත් වෙන්නේ කොහොමද? 

මිනිහෙක්ගෙ උපත සහ මරණය අතර කාලයට අපි කියන්නේ ජීවිතය කියල. ඒ ජීවිත කාලය තුළ  ඕනම මිනිහෙක් රාජ්‍ය සහ ආණ්ඩුව කියන සංවිධානවලට යටත්. ඒකෙන් මිදෙන්න කාටවත් බෑ. ඒ වගේම සමාජය තුළ තියෙන බලය මුල් කරගත්ත සම්බන්ධතා මිනිස් ජීවිතවල පදනම බවට පත්වෙලා තියෙනවා.  ඕනම තැනක තියෙන බලය බිඳින්න නම් බලය ගැන දැනගන්න  ඕනි. දේශපාලන ආයතන තමන්ගේ ජීවිතයට බලපාන්නේ කොහොමද? බලය කියන සමාජ කාරණාව හරියට ඹිැ කරන්නෙ කොහොමද? ඒකට එරෙහි වෙන්නෙ කොහොමද? කියන එක තීරණය කරන්න දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න එක වැදගත්. මිනිස්සුන්ගේ ඉතිහාසයේ ඉඳලම බලය සම්බන්ධයෙන් අරගල කළා. ඒ හින්දා ලෝකය ගිනි ගත්තා. හැම ගින්නකම තිබුණේ දේශපාලනික කාරණා. යාපනය පුස්තකාලය ගිනිගත්තෙත් ඒ හින්දා. රෝමය ගිනි ගත්තෙත් ඒ හින්දා. එහෙම බලපුවාම දේශපාලන විද්‍යාව කියන්නේ ගින්නෙන් උපන් විෂයක්. මිනිස්සු අසාධාරණයට අයුක්තියට එරෙහිව නැගී සිටින්න පොළඹවන විෂයක්. අරගලයට පණ පොවන විෂයක්. සරලව කියනව නම් ගල් ලෙන බිඳින්නත් ලෙන් දොර අරින්නත් උගන්වන විෂයක්. 

Q: අලූතෙන් දේශපාලන විද්‍යාව හදාරණ දරුවන්ට දෙන්න තියෙන පණිවිඩය කුමක්ද? 

උසස් පෙළ කලා විෂය ධාරාව ඇතුළු විෂයන් ගොඩක් තියෙනවා. ඒ අතර අභිමානවත් විෂය දේශපාලන විද්‍යාව. බියකින් සැකයකින් තොරව මේ විෂය තෝරගන්න. මම ඔබට මගපෙන්වන්න සූදානම්. 

[සාකච්ඡාව: නිරෝෂන් ජයසිංහ]

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.