ජනපති ම අත්සන් කරපු කාර්‍යාලය කොටින්ගේ බව ජනාධිපති ම කියයි.


ගැසට් නිවේදනයක් මගින් තමන් විසින් ස්ථාපනය කරන ලද ස්වාධීන ආයතනයක් කොටි සංවිධානයේ අවශ්‍යතාව අනුව කටයුතු කරන්නක් ලෙසින් ප්‍රහාරයට ලක්කරන ජනාධිපතිවරයා ජගත් මානව හිමිකම් මණ්ඩලයේ එකඟතා ප්‍රතික්ෂේප කරන බව පවසයි.

රටේ මානව හිමිකම් රැකීම සඳහා යෝජනාවී තිබෙන වෙනත් කිසිදු ස්වාධීන කොමිසමක් පිහිටුවීම හෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ගිවිසගත් පොරොන්දු ඉටුකිරීම හෝ සිදු නොකරන බවත් ඔහු දැඩි ලෙස කියා සිටියේය.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) “ජාත්‍යන්තර එල්ටීටීඊ ජාලයට” සේවය කරන බවට ජනාධිපති වරයා විසින් හෙලා දකින ලද්දේ කළුතර, මීගහතැන්නේ පොලිස් ස්ථානයක් විවෘත කරමිනි.

“සත්‍ය ගවේෂණ කොමිෂන්, අතුරුදහන් වූවන්ගේ කොමිෂන්, මේ සියල්ල ජාත්‍යන්තරය හරහා පැමිණ තිබෙන්නේ අපිට සේවය කරන්නට නෙවෙයි මුහුදෙන් එගොඩ සිටින එල්ටීටීඊ සංවිධානවල තවමත් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර එල්ටීටීඊ ජාලයට සේවය කරන්නයි,” යනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේය.

ඔහු විසින් අත්සන් කරන ලද ගැසට් නිවේදනයකින් 2015 සැප්තැම්බරයේ පිහිටුවන ලද OMP කාර්යාලය රටපුරා පවත්වන ලද ජනහමු වලින් අනතුරුව යෝජනා කරන ලද නිර්දේශ රැගත් අතුරු වාර්තාව 2018 සැප්තැම්බර් 5 දා ඔහු විසින් බාරගන්නා ලදී.

හය මසක් ගතවී තිබෙන එම නිර්දේශ තවමත් ක්‍රියාත්මක වී නැත.

අලුතින් පිහිටුවීමට යෝජනා කරන ලද සත්‍ය හා සංහිඳියා කොමිසම අනුමත කිරීම කැබිනට් මණ්ඩලය විසින් දෙවාරයක්ම කල් දමා තිබේ.

එම ආයතන දෙකම ජනාධිපතිවරයා විසින් හෙලා දකින ලද්දේ “ප්‍රභාකරන්ට අහිමි වෙච්ච මානව හිමිකම්” ආරක්ෂා කිරීම වෙනුවෙන් පිහිටුවන ලද ඒවා ලෙසිනි.

විරෝධය දැක්වීමට බලා සිටියේ ඇයි ?

රටේ පාලකයන්ගේ සහාය නැති ආයතනයක පලදායීත්වය පිළිබඳව දිගටම සැක පහල කරන අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් OMP ය ප්‍රතික්ෂේප කරද්දී එහි ප්‍රධානී සාලිය පීරිස් මහතා සහතික වුනේ තමන් යටතේ ඇති කාර්යාලය දේශපාලන වෙනසක බලපෑමට යටත් නොවන ස්ථාවර ආයතනයක් බවයි.

එම ආයතන වල මෙන්ම එක්සත් ජාතීන් හමුවේ ශ්‍රී ලංකාව ඉටු කරන බව පැවසූ වෙනත් මානව හිමිකම් රැකීමේ ක්‍රියාපිළිවෙත් ද ජනාධිපතිවරයාගේ ප්‍රහාරයෙන් අනතුරට ලක්වී සිටී.

ශ්‍රී ලංකාව විසින් 2015 සිට ගිවිසගත් පොරොන්දු ඉටු කිරීම සඳහා තවත් අවුරුදු දෙකක් කල් ඉල්ලා ගන්නා ලද්දේ තමන්ගේ අනුදැනුමින් තොරව බව ද ජනාධිපති වරයා ඇතිකරගත් සම්මුතිය ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළේය.

“මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කර ඇති වාර්තා අප සම වගකීම් දරමින් අත්සන් කළේ මගේ කිසිදු අනුදැනුමක් නොමැතිවයි.”

කල් ගන්නා යෝජනාවට සම අනුග්‍රහය දීමට ශ්‍රී ලංකාව මාර්තු මස මුලදී තීරණය කළත්, එයට මානව හිමිකම් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ලැබෙන තුරු විරෝධය දැක්වීමට බලා සිටියේ ඇයිදැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැහැදිලි කළේ නැත.



(gagana.lk)

No comments:

Ad
Powered by Blogger.