විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මෛත්‍රී, මහින්ද එකඟවුනා.


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එකඟවූ බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඊයේ (02) පෙරවරුවේ මාධ්‍යවේදීන් නාමල් රාජපක්ෂ මහතාගෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂ සියල්ලම එකඟනම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ක්‍රමයකට යා හැකි බවද එහිදී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මේ වනවිට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති 20වන සංශෝධනයද ඉදිරියේදී පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ඇතුළත් වීමට නියමිතය.

No comments:

Ad
Powered by Blogger.