සේනාධිපති, මෛත්‍රී හමුවෙයි: ආරක්ෂක ලේකම් මාරු කර ඇවන්ගාඩ් යළි ඉල්ලයි.


පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු දායකත්වය මත නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ඇවන්ගාඩ් මුහුදු ආරක්ෂන සේවයෙහි අධිපති නිශ්ශංක සේනාධිපති මහතා පසුගියදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව හමුවී තිබේ.

ඒ හමුවේදී ඔහු රාජපක්ෂ සමයේ සිදුකරගෙන ගිය ඇවන්ගාඩ් මුහුදු ආරක්ෂණ ව්‍යාපාරය නැවත තමා වෙත ලබා දෙන්නැයි ඉල්ලා තිබේ. එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඉන් ඉවත් කර විශ්‍රාමලත් නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කරන ලෙසත් නිශ්ශංක සේනාධිපති මහතා ජනාධිපතිවරයාට යෝජනා කර ඇත.

එම යෝජනාවට නීතිපතිවරයා විසින් විරෝධය දක්වා ඇති නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ, එස්.බී දිසානායක, අමාත්‍ය වජිර අබේවර්ධන සහ ජනාධිපති සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා විසින් දිගින් දිගටම, විශ්‍රාමලත් නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කරන ලෙස ජනාධිපතිවරයාට බලපෑම සිදුකරමින් සිටින බවද වාර්තාවේ.

රාජපක්ෂ පාලන සමයේ නීති විරෝධී ලෙස ඇවන්ගාඩ් මුහුදු ආරක්ෂණ සේවය පවත්වාගෙන යමින් රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් මේ වනවිටත් අල්ලස් පනත යටතේ නඩුවක් පවතින අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති, රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න, විශ්‍රාමලත් නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක, විශ්‍රාමලත් නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ සහ විශ්‍රාමලත් නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා යන අය මෙහි චූදිතයන් ලෙස නම්කර ඇත. රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද මේ වනවිට නීතිපතිවරයා නිර්දේශයක්ද නිකුතුක් තිබේ. ඉන් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය මේ වනවිටත් සිටින්නේ අධිකරණ මගහැර විදේශගතව ය.

නිශ්ශංක සේනාධිපති විසින් පසුගියදා ජනාධිපතිවරයා මුනගැසීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කරන්නැයි යෝජනා කර ඇති විශ්‍රාමලත් නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාද මෙම නීති විරෝධී මුහුදු ආරක්ෂන සේවයක් පවත්වාගෙන ගිය ඇවන්ගාඩ් ආයතයේ ඉහළ තනතුරක් දැරුවෙකු වන අතර ඔහුද එම නඩුවේ ප්‍රධාන චූදිතයෙකි.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදු කළ වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ ජනාධිපති කොමිසම මගින්ද මෙම ඇවන්ගාඩ් ආයතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් දියත් කළ අතර එහිදී නිශ්ශංක සේනාධිපති, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 13 දෙනෙකු වැරදිකරුවන් කරන ලදී. ඔවුන්ට ලබාදිය යුතු දඬුවම්ද එහි සඳහන් කර ඇත.

වත්මන් ජනාධිපතිවරයා තෝරාපත්කරගන්න ඡන්දය පැවති දිනට පසු දින අළුයම වජිර අබේවර්ධන මහතා විසින් නිශ්ශංක සේනාධිපති මහතාව ජනාධිපතිවරයා හමුවට රැගෙන ගිය බවටද එකළ ප්‍රවෘත්ති පල වූ අතර ජනාධිපතිවරයාද එය ප්‍රතික්ෂේප කර නොතිබිණි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.