සාගලගේ කුඩු: මෛත්‍රීගේ නියමයෙන් විනාශ කෙරේ.


2016 වසරේදී අත් අඩංගුවට ගන්නා ලදුව, අධිකරණ ක්‍රියාමාර්ග අවසන් කෙරුණු කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 769 ග්‍රෑම් 464ක ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග පරිදි කැළණිය, ගෝනවල පිහිටි ගබඩා පරිශ්‍රයදී අද (01) ආරම්භ කෙරිණි. 

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ සහ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහාය ඇතිව මෙම මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කටයුත්ත සිදු කරන්නේ Insee Ecocycle සමාගම විසිනි.

කැළණිය ගබඩා සංකීර්ණයේදී රසායනික ක්‍රියාවලියක් හරහා ඝන කොකේන් දියර කොකේන් බවට පත් කර පුත්තලමේ පිහිටි Insee සිමෙන්ති කර්මාන්ත ශාලාව කරා ප්‍රවාහනය කර එහිදී සෙල්සියස් අංශක 1800ක උෂ්නත්වයක් යටතේ පුළුස්සා දමන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මෙම ක්‍රියාවලිය පරිසරයට කිසිදු හානියකින් තොරව සිදු කෙරෙන්නත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගී වූයේය.

No comments:

Ad
Powered by Blogger.