'කොන්ඩම්' බලන්න ගිය නාමල්ට: 'කන්ඩෙම්' වෙන්න ම දිගට හරහට ප්‍රතිචාර!


යොවුන්පුරය 2019 පැවති භූමියේ කොන්ඩම් සහ යට ඇදුම් මෙන්ම එහි වූ කැළිකසළ ඉවත් නොකිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් සමාජ මාධ්‍ය ජාල හරහා ගෙනගිය ප්‍රචාරයට තවදුරටත් ප්‍රතිචාර ලැබෙමින් පවතී.

පහත දැක්වෙන්නේ ජාතික යෞවන සමාජ සම්මේලනයේ ලේකම් ෂෙහාන් කෝෂිල කන්නංගර විසින් ඒ පිළිබඳ සිය ෆේස් බුක් ගිනුමේ තබා ඇති සටහනකි.

මේ මොහොත වන විට රටම කැළඹීමෙන් කතා කරන යොවුන්පුරේ කුණු ප්‍රශ්නය ගැන කතා කළ යුතු යැයි සිතමි.

1.නොයෙක් පිරිස මෙයට එක්සත් ජාතික පක්ෂයේ තරුණ පුහුණුවක් යැයි සඳහන් කළද එය එසේ නොවන බවත් ලංකාව පුරා සියලු ම පළාත් දිස්ත්‍රික් කොට්ඨාස නියෝජනය කරමින් ලංකාවේ සෑම පක්ෂයකම තරුණ තරුණියන් පක්ෂ භේදයකින් තොරව ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සම්මේලනයේ සාමාජිකයින් ලෙස මෙයට සහභාගී වූ බව සඳහන් කළ යුතු ය.

2. යම් වැඩසටහනක් අවසානයේ එම ස්ථානය විනාශ කර එහි කුණු දමා පැමිණීම කවුරුන් කරත් වැරැද්දකි. නමුදු ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් විදිහට අප එම වැඩසටහන අවසානයේ තරුණ තරුණියන් සහභාගි වූ ප්‍රදේශය (එනම් මෙම යොවුන්පුර භූමියේ ප්‍රධාන කොටස් දෙකක් වූ අතර ඉන් එක් කොටසක් ප්‍රදර්ශන භූමිය අනිත් කොටස තරුණ තරුණියන් රැඳී සිටි ප්‍රදේශය) හොඳින් පරීක්ෂාකර අතර 2019 තුන් වන මස 31 වන දින හොඳම දිස්ත්‍රික්කය ලෙස තෝරා පත් කර ගනු ලැබුවේ සියලුම කුණු ඉවත් කළ දිස්ත්‍රික්කය වේ. එසේම අනෙකුත් සියළුම දිස්ත්‍රික්ක පිටත්වීමට පෙර තම දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යක්ෂ සහ දිස්ත්‍රික් මණ්ඩල නායකයන් විසින් එම භූමිය හොඳින් පිරිසුදු කර නැවත භාර දීම සිදු කළ යුතුව තිබුණි. යෞවන සමාජ සම්මේලනය දිස්ත්‍රික් නායකයන් එය නිසි ආකාරයෙන් සිදු කර තිබූ බව කිව යුතුය. එසේ හෙයින් යම් අයෙක් මෙම භූමි ප්‍රදේශය තුළ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය තරුණ තරුණියන් නිසියාකාරයෙන් එම භූමිය සුද්ධ කර නොතිබී තිබූ බව ප්‍රකාශයට පත් කරන්නේ නම් ඔවුන් මුසාවක් පවසනු යැයි කිව හැකිය.

3. මෙම යොවුන්පුර වැඩසටහනට සමගාමීව ප්‍රදර්ශනයක් පවත්වන ලදී. මෙම ප්‍රදර්ශනය ප්‍රදේශයේ තරුණ තරුණියන්ට මහ ජනතාවට තම දැනුම කුසලතා වර්ධනය කර ගැනීමටත් විනෝදාස්වාදය ලබා ගැනීම උදෙසාත් පවත්වන ලද. මේ සඳහා ලංකාවේ විවිධ ආයතන ඒ වගේ ම හම්බන්තොට ප්‍රදේශය ආශ්‍රිත ජනතාව තමන්ගේ නිර්මාණ තමන්ගේ නව නිපැයුම් සහ වෙළෙඳ භාණ්ඩ මේ අවස්ථාවේදී ප්‍රදර්ශනය කරනු ලැබීය.

මා සොයා බැලූ කරුණු අනුව මෙම ප්‍රදර්ශන භූමියේ හි ඉවත් කිරීමට කුණු තිබෙන බවත්, අදාල කුණු එම භූමියේ ඉදි කර තිබූ ඉදි කිරීම් ගලවා දැමීමෙන් අනතුරුව පිරිසුදු කිරීමට නියමිතව තිබූ බවත්, පසුගිය සතිය තුළ අවුරුදු සතිය බැවින් අදාළ පිරිසුදු කරන මිනිසුන් තමන්ගේ නිවැසියන් සමග අවුරුදු ගත කිරීමට ගොස් ඇති බවත්, හෙට දිනයේ සිට අදාළ පිරිසිදු කිරීම් සිදුකරන බවත්, මා වෙත දැනගන්නට ලැබුණි.

එසේම මෙහි ඇති සෝචනීය කරුණ වන්නේ මෙම යොවුන් පුරයට සහභාගිවූ තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් ඔවුන් අනාචාරයේ හැසිරී ඇති බවත්, යොවුන් පුරය ට සහභාගීවූ සියලුම තරුණ තරුණියන් එක්සත් ජාතික පක්ෂයේ තරුණ තරුණියන් ලෙස හංවඩු ගසා වැරදි උලුප්පා දැක්වීම් සිදු කිරීමට උත්සාහ දැරීමත් නොකල යුතු කරුණු ලෙස මම දකිමි.

තව ද මෙම ව්‍යාජ කරුණු ඉදිරිපත් කිරීමෙන් ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය යම් අයෙකු විසින් අපකීර්තියට ලක් කිරීමට උත්සහ දරනවා නම් එය මා තරයේ හෙලා දකිමි මන්දයත් අවසාන දින රාත්‍රියේ පැවති සංගීත සංදර්ශන යෙන් අනතුරුවද තරුණ තරුණියන් එකතු වී අදාළ ක්‍රීඩා පිටියේ තිබූ සියලුම බෝතල් පොලිතින් සියල්ල ඉවත් කරනු මා මාගෙ ඇස් දෙකෙන්ම දුටු කරුණකි.

එසේම යොවුන්පුරය යන්න බොහෝ අය විසින් අසභ්‍ය ක්‍රියා සිදුවන ස්ථානයක් ලෙස ප්‍රචලිත කිරීමට උත්සුක වෙනවා අපට දැකගත හැක. කොණ්ඩම්, යට ඇඳුම් වැනි දේවල් එම ස්ථානයට ගෙනගොස් දමා විවිධ රංගන පැමට උත්සහ දැරීම ඉතා නිවට ක්‍රියාවක් ලෙස මා දකිමි.

බුද්ධිමත් ඔබේ තීරණයට ඉඩ දෙමි. කෙසේ වෙතත් ක්‍රියාකාරී පුරවැසියන් සම්බන්ධයෙන් මා සතුටු වන අතර පටු දේශපාලන අරමුණු පෙරටු කරමින් ක්‍රියා කරන අසහනකාරී නිවටයන් සම්බන්දව මාගේ කනගාටුව පලකරමි.

No comments:

Ad
Powered by Blogger.