හදිසි ජනාධිපතිවරණයක්! [Exclusive]


හදිසි ජනාධිපතිවරණයක් කැදවීම කෙරෙහි ජනාධිපති සිරිසේන සහ ඔහුගේ උපදේශකයින්ගේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ලෙස ජනාධිපති සිරිසේන සහ ඔහුගේ උපදේශකයන් මෙම තීරණය ගෙන තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණ අභ්‍යන්තරයේ සහ පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ මතුව තිබෙන දේශපාලන ගැටුම්කාරී තත්ත්වය ප්‍රයෝජනයට ගැනීමටය.

මේ වන විටත් එක්සත් ජාතික පෙරමුණ අභ්‍යන්තරයේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධව එම පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර සීතල යුද්ධයක් හටගෙන තිබේ.

එසේම මේ සම්බන්ධව අමාත්‍ය රවී කරුණානායක පසුගියදා සජිත් අමාත්‍යවරයා ඉලක්ක කර දැඩි විවේචනයක් සිදුකළ අතර ඒ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ දේශපාලන හැසිරීම දැඩිව විවේචනය කරමින්ය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පෞද්ගලික න්‍යායපත්‍රයට වැඩ කිරීම සහ පක්ෂයේ නායකත්වයකට විකල්පය ලෙස පෙනීසිටිම එහිදී රවී කරුණානායක අමාත්‍යවරයාගේ විවේචනයට හේතු විය. එමෙන්ම පක්ෂ නායකත්වය ශක්තිමත් කරමින් පක්ෂ ප්‍රතිපත්තිය ජනතාව වෙත ගෙන යනවා වෙනුවට පිය උරුමයක් ගැන කියවීම ඇතුළු පක්ෂයේ කල්ලි කණ්ඩායම් නිර්මාණය කරමින් එය බෙලහීන කිරීම සම්බන්ධවද රවී කරුණානායක අමාත්‍යවරයා විවේචනය කළේය.

සජිත් මහ බැංකුවේ පැටලේ !

කෙසේ වුවත් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මීට ප්‍රතිචාර දක්වා ඇත්තේ වසල සූත්‍රය සහ බැංකු හොරු කතාවක් ඇදගෙනය.

මේ සම්බන්ධව සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර සිටියේ සජිත් රවී විවේචනය කරන බවක් පෙන්නුවත් සැබෑ ඉලක්කය වී ඇත්තේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බවය.

බැදුම්කර කතාව මේ සදහා ඈදා ගැනීමෙන් එය ඔප්පු වන බවද ඒවායේ සදහන්ව තිබිණ.

ගෝඨාට අවස්ථාව නොදෙන්නේ මහින්ද !

මේ අතර ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධව පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ ද අර්බුද කිහිපයක් මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වන විට එහි වඩාත් උනුසුම් කරුණ වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ වෙත ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට බාධාව ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සිටින බවට ගෝඨා පාර්ශවය ගෙන යන ප්‍රචාරයයි.

මේ ප්‍රචාරය පොහොට්ටු අභ්‍යන්තරය කොතරම් උනුසුම් කරාද කිවහොත් ගෝඨාට ප්‍රශ්නයක් නෑ යනුවෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත්කරන තැනට විපක්ෂ නායක ට පත්වීමට සිදුව තිබිණ.

තවද රාජපක්ෂ පවුලේ ඇති බල පොරයත්, ගෝඨාභය රාජපක්ෂ එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ ගොනුවූ නඩුව ඇතුළු එම පක්ෂ අභ්‍යන්තරයේ ඇති අර්බුද ප්‍රයෝජනයට ගෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි බව ජනාධිපති සිරිසේනගේ සහ ඔහුගේ උපදේශකයින්ගේ තක්සේරුව වී තිබේ.

No comments:

Ad
Powered by Blogger.