රටම ඇවිලෙද්දී හොකී සම්මේලනය බොර දියේ මාලු අල්ලලා: අධිකරණයෙන් දින 14ක වාරණයක්!


ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නව නිලධාරී මණ්ඩලය විසින් සම්මේලනයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට දැරූ උත්සාහයක් කොළඹ දිස්ත්‍රික් උසාවිය විසින් වාරණය කර ඇති බව වාර්තා වෙයි.

කොළඹ හොකී සංගමයේ සභාපති පැවරූ නඩුවක් අනූව අදාල නියෝගය නිකුත්කර ඇත.

ඒ අනුව දින 14 කට බලපැවැත්වෙන පරිදි මෙම වාරණය පනවා තිබේ.

කොළඹ සංගමය අධිකරණයට !

අදාල නඩුව ගොනුකරමින් කොළඹ හොකී සංගමයේ සභාපති පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ වත්මන් නිලධාරීන් විසින් සම්මේලන ව්‍යවස්ථාවේ 09 වගන්තිය උල්ලංඝනය කරමින් මාණ්ඩලික රැස්වීමක් පවත්වා හොකී සම්මේලනයේ ක්‍රියාකාරී කමිටුව , විනිසුරු කමිටුව සහ තේරීම් කමිටුව යන කමිටු පත්කර ගැනීමේ සූදානමක් පවතින බවය.

මාණ්ඩලික රැස්වීම හබක් !

ඒ අප්‍රේල් මස 24 වනදා පැවැත්වීමට නියමිතව තිබී අප්‍රේල් 27 වනදාට කල්තබා තිබුණු මාණ්ඩලික රැස්වීමේදීය.

නමුත් හොකී සම්මේලනයේ ව්‍යවස්ථාව අනුව මෙම කමිටු පත්කිරීම සිදුකළ යුතුව ඇත්තේ ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ මහ සභා රැස්වීමකදී හෝ විශේෂ මහ සභා රැස්වීමක් අවස්ථාවේදීය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් විසින් ද මේ කරුණ සහතික කර ඇති අතර ඊට අදාල ලිඛිත සාක්ෂිද පැමිණිලිකාර පාර්ශවය අධිකරණයට ඉදිරිපත් කර ඇත.

* ඒ අනුව අධිකරණය නිකුත්කල වාරණ නියෝගය පහත දක්වා තිබේ.

තනතුරු මාරුවූවාට දූෂිතයන් මාරුවී නැත !

ඒ අනූව ඉතා පැහැදිලිව හොකී සම්මේලනයේ නව පරිපාලනය ඔවුන්ට කවදත් සුපුරුදු දූෂිත මාවතේ ගමන් කිරීමට වැඩ අල්ලා ඇති බවය.

කැලේ මාරු වූවාට කොටින්ගේ පුල්ලි මාරු නොවනවා කියනවා වගේ තනතුරු මාරු වුනාට එකී තනතුරු සදහා පත්වන්නේ සුපුරුදු දූෂිත නිලධාරීන් නම් දූෂිත ක්‍රියා නවතින්නේ නැත.

මෙන්න උදාහරණ !

ඒ ගැන නිදර්ශන ඕන තරම්ය. හොකී සම්මේලනය අන්ත දුෂිත තිප්පොළක් කිරීම ගැන චෝදනා ලැබූ සම්මේලනයේ හිටපු සභාපති සුමිත් එදිරිසිංහ මෙවර ලේකම් වී තිබේ. හිටපු ජේෂ්ඨ උප සභාපති පී. විශ්වනාදන් මේ පාර සභාපති වී ඇත. හිටපු ලේකම් ගාමිණී විජේසිංහ මෙවර භාණ්ඩාගාරිකවී ඇත.

එසේම මේ දූෂිත නිලධාරීන්ට සහය දෙන්න සිටින උදවිය ගැනද අනාවරණය කල යුතුව තිබේ.

දර්ශනට ලැබුණු තෑග්ග !

හොකී සම්මේලනයේ හිටපු තේරීම් කමිටු සභාපති දර්ශන විජේසිංහ කියන්නේ ඊට හොද නිදර්ශනයක් දෙන පුද්ගලයෙකි.

2015 ශ්‍රී ලංකා හොකී සම්මේලන නිලවරණයේදී සුමිත් එදිරිසිංහ පාර්ශවයේ නාම යෝජනා ප්‍රතික්ෂේප වූ අවස්ථාවේ ඊට එරෙහිව අධිකරණයට ගියේ මේ දර්ශනය. එදා සුමිත් එදිරිසිංහ පාර්ශවයේ නාම යෝජනා ප්‍රතික්ෂේප වූයේ ඔවුන් නියමිත වේලාවට නාම යෝජනා ලබාදීමට අසමත් වූ නිසාය.

කෙසේ වුවත් ඒ නඩුව වසර 4 ක් කල් ගියේය. සුමිත් එදිරිසිංහ පාර්ශවය වෙනුවෙන් වාරණ නියෝග ගන්න ගිය දර්ශනට හොකී තේරීම් කමිටුවේ සභාපති ධූරය ලැබීය.

සුමිත්ගේ මාෆියාව !

ඒ කාලයේ හොකී බැලුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ වූවත් ඔලිම්පික් කමිටුව වෙනුවෙන් ජන්දය දෙන්න හොකී ක්‍රීඩාව නියෝජනය කරන්න ගියේ සුමිත් එදිරිසිංහ ය. එහෙම වැඩකට යන්න සුමිත්ට ඇති හයිය පෙන්වාදී ඇත්තේ හොකී ක්‍රීඩාව තුල ඔහු පතුරවා ඇති මාෆියාවේ තරමය.

එපමණක් නොව සුමිත් ඒ ගමන යන්නේ එවකට ක්‍රීඩා ඇමැති වූ දයාසිරි ජයසේකරගේ ගැසට් නිවේදනය පවා නොතකමින්‍ ය. එසේම අධිකරණ නියෝග පවා නොතකමින් ය.

රත්නපුර -මාතර සංගම් ඇත : හොකී කණ්ඩායම් නැත !

එපමණක් නොව ජීවිත කාලයම හොකී අරක් ගන්න හොකී කණ්ඩායමක් තබා බෝලයක්වත් දැක නොමැති රත්නපුර සහ මාතර හොකී සංගම් හදන්න ද සුමිත්ලා කටයුතු කර ඇත. ඒ සංගම් වල එකම වැඩේ හොකී නිලවරණයට පැමිණ සුමිත් පාර්ශවයට ජන්දය දීමය.

එදා සුමිත්ව පාලනය කරන්න කාටවත් කොන්දක් තිබුණේ නැත. අදත් මාෆියාව සමග සුමිත් හොකී ක්‍රීඩාව වෙලාගෙනය.

සම්මේලන ව්‍යවස්ථාව තුට්ටු දෙකට දමා නීති විරෝධී ආකාරයට කමිටු පත්වන්නට යන්නේද ඒ අනුවය.

අධිකරණ නියෝගය අනුව අද ඒ අවස්ථාව වැලකී ගියත් සුමිත්ලාගේ මාෆියාව පරාජය කරන තුරු හොකී ක්‍රීඩාව රකින්න තිස්තුන් කෝටියේ කට්ටියත් මදිය.

අධිකරණ තීන්දුව මෙන්න !


newwww

[News Tube]

No comments:

Ad
Powered by Blogger.