දක්ෂයෝ ඉන්න තැනක අදක්ෂයින්ට දිලා කටයුතු කිරිම රටේ දුර්වලතාවක්: රවී.

   
රටේ පවතින මේ අර්බුදකාරී තත්ත්වය තුරන් කිරීම සදහා ජනාධිපති, අගමැති මෙන්ම විපක්ෂ නායකතුමා මේ වනවිට අනුගමනය කරන එකමුතු වැඩපිළිවෙල වඩාත් වැදගත් . ආගම, ආර්ථිකය මෙන්ම ආරක්ෂක පැත්තෙන් දක්ෂයෝ ඉන්න තැනක, අදක්ෂයින්ට බාරදීලා කටයුතු කිරීම මේ රටේ තිබෙන දුර්වලතාවයක්. එය වහාම නිවැරදි කළයුතුයි" යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, පසුගියදා ශ්‍රී ලංකාවට එල්ල වූ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් පියතුමා හමුවීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මේ අවස්ථාවේදී අප කළයුත්තේ, එකඑක්කෙනාට දොස් පවරන එක නෙමෙයි. පළමුව අපි ගැටලු විසදාගෙන නැගී සිටිය යුතුයි. මනුෂ්‍යභාවයක් නැති ත්‍රස්තවාදය, අන්තවාදය අප පරාජය කළ යුතුයි.  අද මෙ ගැටලුව ලාංකිය වශයෙන් පමණක් නෙමෙයි ජාත්‍යන්තර ස්වරූපයක් ගෙන තිබෙනවා. මේ කෲරත්වය නැති කරන්නේ කොහොමද,  ලාංකීය ජනජීවිත යතා තත්ත්වයට පත් කරන්නේ කොහොමද කියලා අපි සිතා බැලිය යුතුයි.

මනුෂ්‍යභාවයක් නැති ත්‍රස්තවාදයට අපි කොහොම පිළිතුරු දෙන්නද. මෙය සම්පූර්ණයෙන් නැති කිරීම තමයි අවශ්‍ය වන්නේ. කඩු‍, කිනිසි, බෝම්බ, තියාගෙන ඉන්න මිනිසුන් මනුෂ්‍යයෝද. අපේ ත්‍රිවිධ හමුදාවට උදව් කරගෙන මේ කුරිරු ත්‍රස්තවාදය පරාජය කළ යුතුයි.

මේ තත්ත්වය එක් තැනකට සීමාවෙලා නැහැ. ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ස්වරුපයක් තමයි මෙහි තිබෙන්නේ. ඒ නිසා ගෙන්ගෙට ගොස් සොයාබලා, මෙම තත්ත්වය ශ්‍රී ලංකාවෙන් බැහැර කල යුතුයි.  

එක පිස්සෙක් ඇති රටක් අස්ථාවර කරන්න. ඒක තමයි අපි නැති කරන්න අවශ්‍ය වන්නේ. අපි දේශපාලනඥයෝ වශයෙන් හැංගී සිටීම නෙමෙයි අවශ්‍ය වන්නේ. එළියට ඇවිත් නායකත්වය දීලා, මේ තත්ත්වය නැති කිරීමයි අවශ්‍ය වන්නේ යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

No comments:

Ad
Powered by Blogger.