රිෂාඩ් SBගෙන් බිලියනයක වන්දි ඉල්ලයි: ෂැංග්‍රීලා බෝම්බකරුගේ සමාගම දන්නේ නෑ!

අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී තම කීර්ති නාමයට හානි කරමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් රුපියල් බිලියනයක වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමු කිරිමට අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා කටයුතු කර තිබේ.

එස්.බී. දිසානායක මහතා රිෂාඩ් බද්යුදීන් මහතාගේ නැගණියගේ ස්වාමියාට චෝදනා එල්ල කළ අතරම ෂැංග්‍රීලා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ ඊබ්‍රහිම් ඉන්සාෆ් බද්යුදීන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ බවත් සඳහන් කළේය.

ෂැංග්‍රීලා බෝම්බකරුගේ සමාගම කොලෝෂියස් බව දන්නේ නෑ
   
මේ අතර කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඊබ්‍රහිම් ඉන්ෂාෆ්ගේ සමාගම කොලෝෂියස් බව තමන් නොදන්නා බව අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.

හිරු නාළිකාව හරහා විකාශය වූ සළකුණ සංවාද වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

තමන් ඉන්ෂාෆ් පිළිබඳව දැනුවත් බවද ඔහු ප්‍රකාශ කළේය. දැනට අත්අඩංගුවේ පත්වන කෝටිපති ව්‍යාපාරික ඊබ්‍රයිම් හජ්ජියාර්ගේ එක් පුතෙකු වන ඉන්ෂාෆ් බිරිඳගේ පියා රිෂාඩ් බද්යුදීන් මහතාගේ පක්ෂයේ භාණ්ඩාගාරික වෙයි.

“ අමුද්‍රව්‍ය දෙක එක අපේ වගකීමක්. ප්‍රශ්ණයක් වුණාට පස්සෙ තමයි මේක එළියට ආවේ. අපි මේ ගැන පරීක්ෂණයක් කරනවා. කොතනහරි වැරදීමක් වෙලා තිබෙනවානම් දඬුවම් දෙන්න ඕන.

කවදාවත් ඉන්ෂාප් කියන එක්කෙනා මාව හමුවෙලා කොම්පැණිය ගැන කියලා මාව හම්බෙන්න ආවේ නෑ. ඔයාලා විශ්වාස කරන්න පුළුවන් අවිශ්වාස කරන්න පුළුවන්.  ”


ඉන්ෂාප්ගේ සමාවට සීමාව ඉක්මවා හිස් තුවක්කු උණ්ඩ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ යටතේ පවතින කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් ලබාදී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.


මුස්ලිම් ළමයි මේ කරපු දේ ගැන කනගාටුවෙනවා

එසේම පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කනගාටුවෙන බවත් මේ පි ළිබඳව තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදෙන බවත් ආමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.

“මුස්ලිම් ළමයි මේ කරපු දේ නිසා ලැජ්ජාවක් නෙමෙයි වේදනාවක් තිබෙනවා. ලැජ්ජා වෙනවා මුස්ලිම් නිමින් මේක කරපු නිසා.

මේ අන්තවාදය, ත්‍රස්තවාදී කල්ලි ගැන ඒ අයගේ හැසිරීම ගැන අපේ විද්වතුන් මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු දේශපාලඥයින් ගිහිල්ලා ලිඛිතව ඒ සංවිධානය භාර සහ්රාන් සම්බන්ධවත් ඒතුමා ගැනත් ඒතුමා කථා කරපු වොයිස් කට් ගැනත් ආරක්ෂක ලේකම්ට ඉදිරිපත් කර තිබුණා."

අපි මේක මෙච්චර දුරට කරයි කියලා හිතුවේ නෑ. අයි.ඒස්.අයි.ඒස්. කථාකරපු ඒක ළගදී තමයි සම්බන්ධ වුණේ. මේ ගැන විස්තරාත්මත තොරතුරු දුන්නා. අපිට කරන්න පුළුවන් දේ අපි කරලා තිබෙනවා. ආරක්ෂක අංශයටත් බැරිවුණා මේක අල්ලන්න. ලක්ෂ 22ක් වන මුස්ලිම් ජනතාව දැන් දුකින් ජීවත් වෙන්නේ.


අයි.එස්.අයි.එස්. කටයුතු කරන්නේ ඉස්ලාම් දහමට විරුද්ධවයි. මේකට සම්බන්ධ වුණ ළමයි දන්නෙත් නෑ මොකටද කළේ කියලා. ”

No comments:

Ad
Powered by Blogger.