මාධ්‍ය හිරේ දැම්ම රිෂාඩ්ගේ ලේකම්ලා අමාත්‍යංශයේ වැඩ.


අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු මන්නාරම නගරයේදී ආරක්ෂක අංශ මගින් අත්තඩංගුවට ගෙන ඇතැයි පවසමින් ඇතැම් සමාජ මාධ්‍ය හා විද්යුත් මාධ්‍ය ගෙනයනු ලබන ප්‍රචාරයන් මුලුමනින්ම අසත්‍ය බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන, නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

බදියුදීන් මහතාට ඉර්ෂාඩ් රහ්මතුල්ලා සහ මොහොමඩ් නලීම් යන නම්වලින් සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනෙකු සිටින බවත් ඔවුන් මේ මොහොතේ ද අමාත්‍යංශයේ දෛනික රාජකාරී කටයුතු වල නිරතව ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ අතර ජාතික තව්හීද් ජමාත් තහනම් සංවිධානය සමග කිසිම සබඳතාවක් පවත්වා නොමැති බවත් එහි නායකයා බව කියන සහ්රාන් හෂීම් තමාව හමුවී වී හෝ කථා කර නොමැති බවත් රිෂාඩ් බද්යුදීන් මහතා කියයි.

“ඇත්තටම මේ ත්‍රස්තවාදය ගැන මම දන්නේ නෑ. සමහර විට මේ මැරුණ අයගේ නොනලා දන්නෙත් නෑ. තාත්තලා දන්නෙත් නෑ.

මේ ත්‍රස්තවාදය විනාශ කරලා සුද්ධ කරලා දාන්න ඕන. මේ කරපු එක වැරදියි. අපිට හරි සතුටුයි. ඔක්කෝම දැන් අල්ලගෙන යනවා. අපි සහාය දෙන්න සූදානම්. මේක සුද්ද කරන්න ඕන.”

එසේම ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදිවලින් ගමන් කිරීම හෝ අංක තහඩු නොමැති යතුරු පැදි හෝ වාහන භාවිත කිරිම වැරැද්දක් බවත් ඔහු වැඩිදුරටත් එහිදී කියා සිටියේය.

No comments:

Ad
Powered by Blogger.