Ad

ජල සම්පාදන සභාපති කෝටි 800ක් වංචා කරලා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා පසුගිය 2015-2018 කාලසීමාව තුළ විවිධ ව්‍යාපෘති හරහා රුපියල් කෝටි 800ක පමණ මූල්‍ය වංචාවක් කර  ඇති බවට එම මණ්ඩලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා තිබේ.

තවද මෙම සභාපතිවරයා විසින් ජල සම්පාදන මණ්ඩලයේ සභාපති කාර්යාලයේ සේවය කරන කාන්තාවකගේ නමට දැනට මරණ දඬුවම නියම වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුද වන වෙ‍ලේ සුදාගේ සුපිරි නිවසක්ද මිලදීගෙන ඇති බවත් එම කාන්තාවගේ පවු‍ලේ අයගේ ගිණුම් හරහා චෙක්පත්ද මාරුකර ඇති බවත් අදාළ පැමිණිල්‍ලේ සඳහන් වන බව කොමිසමේ ප්‍රකාශකයකු කීවේය.

ජල සම්පාදන මණ්ඩලයේ විවිධ ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 2450ක අතිරේක ඇස්තමේන්තු සකසා එම ව්‍යාපෘතිවලට ඔහුගේ සහෝදරයා යොදවා මහජන මුදල් වංචාකර ඇති බවද සභාපතිවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති එම පැමිණිල්‍ලේ සඳහන් වේ.

මෙම සභාපතිවරයා කොකේන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන බවටත් ජල සම්පාදන මණ්ඩලයේ කාමර තුළ අනිසි කාර්යයන් කරන බවටත් මෙම පැමිණිල්‍ලේ සඳහන් කර තිබේ. එසේම මැ‍ලේසියාවේ නිවසක්ද මිලට ගෙන ඇති අදාළ සභාපතිවරයා මෙකී වංචා හෙළිදරව් වුවහොත් මැ‍ලේසියාවට පලායාමේ සූදානමින් සිටින බවත් ජල සම්පාදන මණ්ඩලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්‍ලේ සඳහන් වන බව කොමිසමේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

[ලක්බිම]

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.