පරිසර සහතික හොරට ගත් මහල නිවාස රට පුරා.


නීත්‍යානුකූල නොවන අයුරින් පරිසර සහතික ලබා ගෙන ඉදිකරන ලද මහල් නිවාස ව්‍යාපෘති රැසක් බස්නාහිර පළාත තුළම පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. 

මහල් නිවාස සෑදීම සදහා ආයතන කිහිපයකින් නිසි අවසර පත් ලබා ගත යුතු වුවද ඇතැම් සමාගම් ඒවා ඉදිකරනු ලබන්නේ නීත්‍යානුකූල නොවන ආකාරයට එම සංවිධානය කළ සොයා බැලීමකදී තහවුරු වී තිබේ.

බස්නාහිර පළාතේඑවැනි මහල් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති 500 ක් සදහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් අවසර ලබා දී ඇති අතර ඒවායින් සමහර තට්ටු නිවාස ව්‍යාපෘති සදහා අවසර ලබා දී ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය නිළධාරීන් පවා දැනුවත් නැති බවයි එම සංගමය සඳහන් කරන්නේ.

එහෙත් එම ඉදිකිරීම් සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය නිළධාරියාගේ අනුමැතිය අත්‍යවශ්‍යය බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

"සාමාන්‍යයෙන් මෙවැනි මහල් නිවාස සදහා පාරිභෝගිකයා මුදල් ගෙවනු ලබන්නේ එම නිවාස ඉදිකිරීමට ප්‍රථමය. එම නිසා ශ්‍රී ලංකාවාසී සියලුම පාරිභෝගිකයින්ගෙන් අප සංවිධානය ඉල්ලා සිටින්නේ මෙවැනි තට්ටු නිවාස මිලදී ගැනීම සදහා මුදල් ආයෝජනය කිරීමේදී ප්‍රවේශම් වන ලෙසයි.

මෙසේ කූට ව්‍යාපාරවල යෙදෙන සමහර සමාගම් වල වෙබ් අඩවිවල එහි හිමිකරුවන් දේශපාලකයි සමග සිටින ඡායාරෑප දැකගත හැක. ඒ සමගම ඔවුන් ප්‍රකාශ කරන්නේ සමහර අමාත්‍යවරු තමන්ගේ මිතුරන් බවයි. එසේ කරනු ලබන්නේ පාරිභෝගිකයින් ගොනාට ඇන්දවීමටයි.

මීට පෙර මෙරට පාරිභෝගිකයින් විශාල සංඛ්‍යාවක් F & G සමාගම, සක්විති රණසිංහ වැනි විවිධ සමාගම් වලට රැවටී තම මුදල් විනාශකර ගත ආකාරය සිහිගන්වන අතර තමා දුක්මහන්සියෙන් උපයාගත් මුදල් එවැනි ව්‍යාපාරවල ආයෝජනය කල පිරිස් අද තමන්ගේ රෝගයට බෙහෙත් පවා ලබා ගැනීමට නොහැකිව අසරණව කල් ගෙවයි."

එසේ නීත්‍යනුකූල අවසර ලබා නොගෙන ඉදිකර ඇති මහල් නිවාස පිළිබද විස්තර ඉදිරියේදී හෙළි කිරීමට බලාපොරොත්තු වන බවයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

No comments:

Ad
Powered by Blogger.