ගෝඨාට දෙමල හා මුස්ලිම් ජනයා විරුද්ද බව පිළිඅරන්?


සිංහල ජාතිවාදී බලවේග විසින් අනාගත ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සැරසෙන ගෝඨාභය රාජපක්ෂට ඇමරිකා එක්සත් ජනපදයේ නඩු වැටීමෙන් නායකත්වය පිලිබඳ අර්බුදයකට ඔවුන් මුහුණ පා සිටින බව වාමාංශික නායකයකු පවසයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව මේ වනවිට ඝාතනය හා වධබන්ධනය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නඩු දෙකක් පවරා ඇති අතර තවත් පිරිස් ඒ මග ගැනීමට විස්තර විමසා තිබේ.

වඩාත් ජාතිවාදියා ලෙස හඳුනා ගත හැකි පුද්ගලයා ලෙසින් “නූතන දුටුගැමුණු” නමින් පෙරට ගෙන එනු ලැබූ ඇමරිකානු පුරවැසියකු වන ගෝඨාභය රාජපක්ෂ “ඇමරිකාවේ හිරගෙදරකට වැටීමේ” විපක්ෂය අවුල් කර ඇති බව නව සමසමාජ පක්ෂයේ නායකයා පවසයි.

“රත්තරන් වගේ පෙන්නන්න හදපු නුතන දුටුගැමුණු කාබාසිනියා වෙන වැඩපිළිවෙලක්” දැමීම නිසා ජාතිවාදී බලවේග “ලතෝනි දෙමින්” සිටින බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

සිංහලයාගේ අයිතිය ලංකාවේ සම්පුර්න බලය විය යුතුය යන අධිකාරිවාදී මතයට ජනාධිපතිවරණය ජයගැනීම බලවේගවල අපේක්ෂාව යැයි පවසන ඔහු එය සමස්ත සිංහල ඡන්දදායක මතය නොවන බවට විශ්වාසය පළකරයි.

“ඒ කියන්නේ ඒගොල්ලෝ පිලිගන්නවා ඒගොල්ලෝ දෙමළ, මුස්ලිම් වෙනත් සුළු ජාතීන් වෙනුවෙන් පෙනී ඉන්න කට්ටිය නෙවෙයි කියලා. ඒගොල්ලන්ට කිසිම ආයාචනයක්වත් නෑ. ඒ ගොල්ලන්ගේ ආයාචනය තියෙන්නේ සිංහලයාගේ අයිතිය ලංකාවේ සම්පුර්න බලය විය යුතුයි කියලා.”

සජිත් අගමැති කිරීමට :

විපක්ෂය අර්බුදයට ගොස් සිටියදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති තරගයෙන් දිනවා ඒ ඇතිවන පුරප්පාඩුවට සජිත් ප්‍රේමදාස අගමැති ධුරයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කොටගෙන සිටින්නේ යයි ද ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වැඩි දුරටත් කියා සිටියේය.

(gagana.lk)

No comments:

Ad
Powered by Blogger.