ආගමික සංවිධානයකට මුදල් ලබා දී නැහැ: PickMe සභාපති චෝදනා ප්‍රතික්ෂේප කරයි.

PickMe මගින් එක්තරා ආගමික සංවිධානයකට මුදල් ප්‍රදානයක් සිදුකළ බවට අසත්‍ය චෝදනා සමාජ මාධ්‍ය තුළ හා වෙනත් මාධ්‍ය තුළ සංසරණය වන බව තමන්ට දැනගන්නට ලැබී ඇති බවත්, මෙම චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනු ලබන බවත් PickMe සමාගමේ සභාපති අජිත් ගුණවර්ධන මහතා අවධාරණය කර සිටී.

එසේම මෙහිදී PickMe සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ මෙය සැඟවුණු අරමුණු සහිතව, සිදුවූ ඛේදවාචකයෙන් අයුතු ප්‍රයෝජන ගැනීම සඳහා නිර්මාණය කරන ලද ව්‍යාජ ප්‍රචාරයක් බවයි.

මෙරට ප්‍රමුඛපෙළේ ප්‍රවාහන සේවා සපයන ආයතනයක් වන PickMe , ස්මාර්ට් ජංගම දුරකතන ඇප් හරහා ත්‍රීරෝද රථයේ සිට සුඛෝපභෝගී මෝටර් රථ දක්වා විවිධ පරාසයන් හි ප්‍රවාහන විසඳුම් සපයනු ලබයි.

ලෝක බැංකුවේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව (IFC) විසින්, නව්‍ය තාක්ෂණය පදනම් කර ගත් ප්‍රවාහන සේවා සපයන ආයතනයක් වන PickMe හි ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක හිමිකම් ආයෝජනයක් සිදුකරනු ලබන බව පසුගිය වසරේ මැයි මාසයේ දී නිවේදනය කර සිටියේය.

ඒ වන විට කොළඹ, ගම්පහ, කලුතර හා මහනුවර යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක PickMe සේවාවන් මෙම නව ආයෝජනයත් සමඟින් දිවයින පුරා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව සමාගම වැඩිදුරටත් සඳහන් කරන ලද අතර අද වන විට මිලියනයකට අධික මගීන් පිරිසකට PickMe සේවාවන් ලබා සපයා ඇති බවත් දහසකට අධික රියැදුරන් පිරිසක් සේවාවන් වෙනුවෙන් සැදීපැහැදී සිටින බවත් PickMe සඳහන් කරයි.

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් PickMe සභාපති අජිත් ගුණවර්ධන මහතා කළ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.



No comments:

Ad
Powered by Blogger.