ලංකාවේ බුද්ධි අංශ ප්‍රධානියා 'චීන ඔත්තුකරුවෙක්' : රට වනසන කුමන්ත්‍රණයක හඬපට එළියට.

රාජපක්ෂ පාලන සමයේ මෙරට බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ චීන ඔත්තුකරුවකු ලෙස කටයුතු කර ඇති බවත් එහිදී ඇමරිකානු - ශ්‍රී ලංකා සම්බන්ධතා වලට හානි කිරීම වෙනුවෙන් ඔහු උපදෙස් ලබාදීම සම්බන්ධ විශේෂ අනාවරණයක් කළම්බු ටෙලිග්‍රාෆ් (colombotelegraph.com) වෙබ් අඩවිය විසින් සිදුකර ඇත.

විශ්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ විසින් ඔහුව මෙහෙයවන චීන ඔත්තුසේවා නිලධාරියාට අදාළ තොරතුරු ලබාදෙන බව තහවුරු කරන හඬපට ද සහිතව මෙමෙ අනාවරණය සිදුකර ඇත.

"Gota’s Intelligence Czar Caught Red Handed As Chinese Mole" යන ශීර්ෂයෙන් යුතුව සිදුකර ඇති එම අනාවරණය සම්බන්ධව ආරක්ෂක අංශවල මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේද දැඩි ආන්දෝලනයක් ඇතිකර තිබේ.

ෆොන්සේකා විසිකරා : ගෝඨාභය බදාගත්තා !

කළම්බු ටෙලිග්‍රාෆ් අනාවරණයට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී කපිල හෙන්දාවිතාරණ පැත්තකට කර තබා ඇත්තේ ක්‍රියාන්විත සඳහා නොගැළපෙන සැපයුම් පමණක් සිදුකළ හැකි අයෙකු ලෙස තක්සේරු කරමින්ය. නමුත් 2006 වසරේදී ආරක්ෂක අමාත්‍යංශයේ එවකට ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ විසින් කපිල හෙන්දාවිතාරණව මේජර් ජනරාල් නිලයට උසස් කර ඇති අතර පසුව හමුදා බුද්ධි ප්‍රධානියා පමණක් නොව ජාතික බුද්ධි අංශ ප්‍රධානියා බවට පත්කර ඇත.

ඒ අනුව ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කපිල හෙන්දාවිතාරණ ට මෙරට සියලුම බුද්ධි අංශ සහ ප්‍රති- ත්‍රස්තවාදී ආයතන සියල්ලට අදාළ පූර්ණ බලතල හිමිව තිබේ.

හෙන්දාවිතාරණ සමයේ සිදුවූ අපරාධ !

මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දන්වා ඇත්තේ සුදුවෑන් පැහැරගැනීම්, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම වැනි සිදුවීම් සම්බන්ධව බුද්ධි අංශ සාමාජිකයන් සම්බන්ධ බවය. මේ සිදුවීම් සිදුවූ කාලයේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ වන අතර ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ මේ කියන කපිල හෙන්දාවිතාරණ ය.

හෙන්දාට ලැබුණු අලුත් රස්සාව !

2015 දී හෙන්දාවිතාරණට ජාතික බුද්ධි අංශ ප්‍රධානි තනතුරින් ඉවත් කර තිබේ. පසුව ඔහු රැකියාව ලබන්නේ ෂැංග්‍රිලා හෝටලයේ ආරක්ෂක ප්‍රධානියා වශයෙන්ය. අදටත් ඉහළ වැටුපක් සහිතව ඔහු එම රැකියාවේ නිරත වෙයි.

හෙන්දාවිතාරණ මේ රැකියාව ලබන්නේ ෂැංග්‍රිලා හෝටලය සෑදීම සඳහා එවකට යුද හමුදා මුලස්ථානය පැවති ඉඩම ලබාදීමේ (මෙම ඉඩම රාජපක්ෂ පාලනය අදාළ චීන සමාගමට සින්නක්කර අයිතිය සහිතව ලබාදී තිබේ. ) ගනුදෙනුව සම්බන්ධව රටේ දැඩි අවධානයක් යොමුව තිබූ පසුබිමකය.

අප්‍රේල් 21 මිලේච්ජ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව ත්‍රස්තවාදී ප්‍රවණතාව සහමුළින් විනාශ කිරීමට මෙරට ආරක්ෂක අංශ වලට අවශ්‍ය සහයදීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ රටවල් රැසක් සිය විශේෂඥ විමර්ශකයන් එවනු ලැබිණ.

ඔවුන් ෂැංග්‍රිලා හෝටලය වෙතද ගොස් විමර්ශන වලට සහය ලබාදුන්නේ එහිදී එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් ඇමරිකානු ජාතිකයන් කිහිපදෙනෙකුටද ජීවිත අහිමිවූ නිසාය. ඒ අනුව ඔවුන්ගේ අපේක්ෂාව වුයේ නව ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා මෙරට ආරක්ෂක අංශ වෙත සිය සහය ලබාදීමය.

හෙන්දා චීන ඔත්තුකරුවෙක් !

මේ බව දක්වමින් කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය සිය අනාවරණය සිදුකරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ දකුණු අත ලෙස කටයුතු කළ හෙන්දාවිතාරණ චීන බුද්ධි අංශ ඒජන්තයෙකු ලෙස කටයුතු කර ඇති බවත් ඊට සාක්ෂි වශයෙන් හඬපට ද සහිතවය.

එහිදී අදාළ හඬපටයක තිබෙන, "ඔබලාගේ රාජතාන්ත්‍රික මැදිහත්වීමකින් ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ගොඩනැගෙන සමීප සම්බන්ධතාව කඩාකප්පල් කිරීමට පූර්ව ක්‍රියාමාර්ග ගන්නා ලෙස හෙන්දාවිතාරණ විසින් ඔහු සමඟ ගනුදෙනු කරන චීන බුද්ධි අංශ නිලධාරියකුට කරන දැනුම්දීමක්ද කළම්බු ටෙලිග්‍රාෆ් උපුටා දක්වයි.

එසේම එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, හෙන්දාවිතාරණට ෂැංග්‍රිලා හෝටලයේ ආරක්ෂක ප්‍රධානියා ලෙස තිබෙන තනතුර හේතුවෙන් ලංකාවේ මතුව ඇති නව ත්‍රස්තවාදයට එරෙහි සටන සහ ඇමරිකාවේ ඊට තිබෙන මැදිහත්වීම ගැනත් දැනුවත්වීමට ලැබෙන බවත් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

එහිදී වැඩිදුරටත් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ හෙන්දාවිතාරණ මේ සම්බන්ධව උනන්දු වන්නේ සිය සේවාදායකයාට තිබෙන හිතවත්කම නිසා නොවන බවය. ඔහු ඒ ගැන උනන්දු වන්නේ චීන බුද්ධි අංශයේ සිටින හෙන්දාවිතාරණ ව මෙහෙයවන නිලධාරීන්ට සහ ඒකාබද්ධ විපක්ෂය සමඟ තිබෙන සම්බන්ධය නිසා බව කලම්බු ටෙලිග්‍රාෆ් පෙන්වා දෙයි.

ඇමරිකාව - ලංකාව බිඳවන කුමන්ත්‍රණයක් !

මෙහිදී කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය සතු තවත් හඬපටයක් උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ " ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර තිබෙන සම්බන්ධය ගැන තවදුරටත් සොයා බලන ලෙස ඔබලාගේ රාජතාන්ත්‍රික සම්බන්ධතා ජාලය දැනුවත් කරන්න" යනුවෙන් හෙන්දාවිතාරණ තමන් මෙහෙයවන චීන බුද්ධි අංශ නිලධාරියාට කරන දැනුම්දීමකි.

 " ශ්‍රී ලංකා ඇමරිකා සම්බන්ධතා පිළිබඳ මේ වෙනකොට ඒකාබද්ධ විපක්ෂය සහ විපක්ෂය විසින් ලොකු උද්ඝෝෂණයක් ගෙන යන බවත් ආණ්ඩුව සූදානම් වන්නේ ඇමරිකාවට අවශ්‍ය ඕනෑම වෙලාවක ලංකා භුමිය භාවිතාකරන්න නිදහස ලබාදීමට බවත් හෙන්දාවිතාරණ තමන් මෙහෙයවන චීන බුද්ධි අංශ නිලධාරියාට කරන අනතුරු හැඟවීමක් ද වෙබ් අඩවිය හඬපටයකින් උපුටා දක්වයි. ලංකාව ඇමරිකාවට අවශ්‍ය වුවොත් ඊට සහය දීමට ආණ්ඩුව සූදානම් බවත් එහිදී මෙරට ගුවන්තොටුපළ සහ වරායන් පවා ඇමරිකාවට අවශ්‍ය ආකාරයට භාවිත කිරීමට දීමට ආණ්ඩුව සුදානම් බවත් එහිදී හෙන්දාවිතාරණ පවසයි.

"මම ඒ ගැන දැඩි අවධානයෙන් ඉන්නේ" යනුවෙන්ද එහිදී හෙන්දාවිතාරණ පොරොන්දු වෙයි.

එපමණක් නොව " ආණ්ඩුව මෙය ප්‍රතික්ෂේප කරයි. මම දන්නේ නෑ එයාලගේ යටි අරමුණු සහ සැලසුම්" බවත් හෙන්දාවිතාරණ පවසයි.

"ඔබගේ රාජතාන්ත්‍රික ජාලය මේ ගැන දැනුවත් කරන්න"

" ඔබගේ රාජතාන්ත්‍රික නිලධාරීන්ට කියන්න පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස මෙය ලංකාවේ විදේශ අමාත්‍යංශය වෙතින් විමසන්න කියලා" හෙන්දාවිතාරණ සිය චීන බුද්ධි අංශ නිලධාරියාට අවධාරණය කරයි.

විදෙස් අධ්‍යාපනයට චීන සල්ලි !

එසේම චීන බුද්ධි අංශ විසින් හෙන්දාවිතාරණව බලාකියා ගන්නා ආකාරය ගැනද මෙහිදී කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය අනාවරණය කර ඇත. ඒ එක් හඬපටයක හෙන්දාවිතාරණ මෙහෙයවන චීන බුද්ධි අංශ නිලධාරියා තමන්ට අවශ්‍ය තොරතුරු ලබාදෙන්නේ කෙසේද යන්න ගැන හෙන්දාවිතාරණ ව දැනුවත් කර සිදුකරන ප්‍රකාශයක් උපුටා දක්වමින්ය. එහිදී චීන බුද්ධි අංශ නිලධාරියා හෙන්දාවිතාරණ ට දන්වන්නේ හෙන්දාවිතාරණ පවුලේ සාමාජිකයකුගේ විදෙස් අධ්‍යාපන කටයුතු සඳහා වියදම් ලබාදෙන ආකාරයයි.

ජාතික බුද්ධි ප්‍රධානියා සමයේත් චීන ගනුදෙනු තිබුණද ?

මේ බව අනාවරණය කරමින් කලම්බු ටෙලිග්‍රාෆ් අවධාරණය කිරීම් කිහිපයක් සිදුකරයි.

" ලංකාවේ ප්‍රධාන ඔත්තුකරුවා විදේශ බලවේග සමඟ කොතරම් කාලයක පටන් ගනුදෙනු කළාද යන්න අපට කිසිදිනක දැනගන්නට නොහැකි වනු ඇත. ඒ වගේම අපි දන්නේ නැ හෙන්දාවිතාරණ බුද්ධි අංශ මෙහෙයවන විට සහ බොදුබල සේනා පෝෂණය කරන විට ඊට චීන නියෝග ලබාගත්තද යන්න" වශයෙනි. එසේම රාජපක්ෂලාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා චීන සමාගම් මුදල් ලබාදුන් බවද වෙබ් අඩවිය සිහිපත් කරයි.

අනතුරුව කලම්බු ටෙලිග්‍රාෆ් සඳහන් කරන්නේ, මේ වන විට හෙන්දාවිතාරණගේ ප්‍රධානියා වන ගෝඨාභය රාජපක්ෂ ජාතික ආරක්ෂාව පෙරමුණේ තබාගෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමේ සූදානමින් සිටින පසුබිමක මෙබඳු පුද්ගලයෙකු ජාතික රහස් රැකගෙන සිටියි කියා විශ්වාස කරන්නේ කෙසේද යන ප්‍රශ්නය මතුවන බවය.

ගෝඨාභය දැන් මොකද කියන්නේ ?

එසේම ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ වේදිකාවට ගොඩවන්නේ සහ ආණ්ඩුව කරන්න සූදානම් වන්නේ මෙවන්නෙකු සමඟින්ද යන ප්‍රශ්නය ඔවුන් මතු කරයි.

අවසාන වශයෙන් වෙබ් අඩවිය අවධාරණය කර විමසන්නේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු පුරවැසියා මේ චීන ඔත්තුකරුවාව ඔහුගේ වියත්මග සංවිධානයෙන් හා මැතිවරණ කටයුතු වලින් ඉවත්කරයිද ? යන්නය. එය කාලය විසඳනු ඇති බවත් එහි සඳහන් කර තිබේ.

colombotelegraph.com සිදුකළ විශේෂ අනාවරණය සහ හඬපට සඳහා පහත සබැඳියෙන් පිවිසෙන්න.

No comments:

Ad
Powered by Blogger.