Ad

ශරියා නීති, මඩකළපු විශ්වවිද්‍යාලය සහ අන්තවාදී පාසල් ගැන කිරිඇල්ලගෙන් හෙළිදරව්වක්!


ගෝලීය ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා නව නීති සකස් කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එරෙහි වීම තුළින් ඒ මහතා ඇතුළු පාර්ශ්වයට ගෝලීය ත්‍රස්තවාදය වැළැක්වීමේ වුවමනාවක් නොමැති බව පෙනී යන්නේ යැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. 

1979 වසරේදී දේශීය ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා සකස් කළ පනතකින් ගෝලීය ත්‍රස්තවාදය ද මැඩපැවැත්විය හැකි බවට මතයක් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශ්වය විසින් රෝපණය කරමින් සිටියත් ත්‍රස්තවාදය ගෝලීය තලයට ව්‍යාප්ත වීමත් සමඟ ලොව බොහෝ රටවල් ඊට සරිලන අයුරින් තම නීති රීති වෙනස් කරගෙන ඇති බවයි කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

ශරියා නීති රීති ගැසට් කිරීම, මඩකලපු විශ්ව විද්‍යාලයට අවසර ලබාදීම සහ අන්තවාදය වපුරන පාසල් පිහිටුවීම සඳහා පසුබිම සකස් කිරීම වැනිදෑ සිදු කෙරුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ බවත් ඒවා සිදු කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාට යම් යම් හේතු තිබෙන්නට ඇති බවත් එම නිවේදනයෙන් දැක්වේ.

ඒ අනුව ගෝලීය ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ගෙන එන ප්‍රති ත්‍රස්ත පනතට මහින්ද රාජපක්ෂ මහතා එරෙහි වන්නේ ද එකී හේතු නිසාම බවට සැකයක් මහජනතාව තුළ ඇතිවීම වැළැක්විය නොහැකි බව ද කිරිඇල්ල මහතා සිය නිවේදනයෙන් සඳහන් කරයි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.