චම්පික ආණ්ඩුවෙන් ඉවත් වීමේ සුදානමක්?


මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩුවෙන් ඉවත් වීමේ සූදානමක් පවතින බව ලංකා නිවුස් වෙබ් වෙබ් අඩවිය වාර්තා කරයි.

පසුගිය කාලය තුළ සිදු වූ දේශපාලන නොරිස්සුම්, නොසලකා හැරීම් සම්බන්ධයෙන් මෙන්ම මේ වන විට රට පත්ව ඇති ආර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් නිවැරදි විසඳුම නොලැබීම උක්ත දේශපාලන කලකිරීමට හේතුව බව ද ඔවුන් සඳහන් කර තිබේ.

මෙවර අයවැයෙන් සිය අමාත්‍යාංශය වෙත වෙන් කර තිබූ ප්‍රතිපාදන කප්පාදු කිරීම පිළිබඳවද අමාත්‍යවරයා සිය අප්‍රසාදය පළකර ඇති බවත් මේ ගැන අගමැතිවරයා සමඟද මේ පිළිබඳ සාකච්ජා කර තිබූ බවත් නිවුස් වෙබ් වැඩිදුරටත් වාර්තා කරන අතර අමත්‍යවරයා බලාපොරොත්තු වන අකාරයේ පිළිගැනුමක් නොලැබුණ හෙයින් තව දුරටත් ආණ්ඩුවේ රැඳී සිටිනවාද? නැද්ද? යන්න පිළිබඳ තීරණයක් ගන්නා බව ඔහු කියා ඇතැයි ද පවසයි.

විශේෂයෙන් අද (14) දිනයේ ජාතික හෙළ උරුමයේ මැදිහත්වීමෙන් පැවැත්වෙන "ජාතික මඟ" රට රකින රට හදන මහජන ව්‍යාපාරයේ මංගල මහා සමුළුව අමතමින් චම්පික රණවක මහතා සිය ආණ්ඩුවෙන් ඉවත්වීමේ නිල ප්‍රකාශය කරනු ඇති බව කියවෙන අතර කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පස්වරු 03.30ට එය පැවැත්වීමට නියමිතය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.