පොලිසිය තද තීන්දුවක: කළබල කරොත් ඇප ගන්න නඩු යන්න වෙයි.


ආසන්න දින කිහිපයෙ දී ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට 76 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

ඉන් 54 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 27 දා දක්වා රිමාන්ඩ් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම සැකකරුවන්ට ඇප ලබා ගත හැක්කේ මහාධිකරණයකින් පමණක් බවත් ඔවුන් වරදකරුවන් වුණොත් වසර දහයක කාලයක සිර දඬුවම් ලැබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කරයි.

No comments:

Ad
Powered by Blogger.