ඇමති රිෂාඩ් නිසා පොහොට්ටුවේ බෙදීමක්: විශ්වාස භංගයේ කරුණු 10 මෙන්න.


අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ට විරුද්දව ගෙන එන විශ්වාස භංග යෝජනාව සම්බන්දයෙන් ඒකාබද්ද විපක්‍ෂයේ මතබේදකාරී තත්වයක් ඇතිව තිබේ.

මේ මතභේදය ඇතිව තිබෙන්නේ බැසිල් පාර්ශවය සහ ගෝඨා පාර්ශවය අතර බවත් තොරතුරු වාර්තා වෙයි.

ඒ අනුව මෙවර අදාල විශ්වාසභංග යෝජනාව සදහා දැඩි විරෝධයක් දක්වා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන ය.

ඔහු පවසන්නේ තමන් එම විශ්වාස භංග යෝජනාවට විරුද්ධ බවයි.

බදියුදීන් ඇමතිවරයාට විරුද්වධ විශ්වාස භංගයක් ගෙන එන්නේ නම් එය ගෙන ආ යුත්තේ සැලසුමක් ඇතිව බවත් එසේ නොමැතිව ගෙන ඒමෙන් වන්නේ බදියුදීන් තවත් උසස් වීම බවත් මන්ත‍්‍රීවරයා කියයි.

අත්සන් 66 ක් : කරුණු 10ක්

කෙසේ නමුත් එම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂය මගින් අද  කතානායක කරුජයසූරිය මහතාට  දුන්නේය.

එම යෝජනාවට පක්ෂව අත්සන් 66 ක් ලැබී බෙන අතර එහි ඔහුට එරෙහිව කරුණු 10ක් ඉදිරිපත් කර තිබේ. ඒ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් නිදහස් කරන ලෙස යුද හමුදාපති ඇතුළු ආරක්ෂක අංශවලට බලපෑම් කර ඇති බවද සඳහන් වෙයි.



No comments:

Ad
Powered by Blogger.