රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය: ජනාධිපතිට එරෙහි දෝෂාභියෝගයක් වෙන ලකුණු.

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය හමුවේ ජනාධිපති සිරිසේන බරපතල දේශපාලන අවමානයකට ලක්වීමේ අවධානමක් ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

විපක්ෂ මන්ත්‍රීවරුන් 64කගේ අත්සනින් යුතුව එම විශ්වාසභංගය කථනායක කරු ජයසූරිය මහතාට භාරදීමට කටයුතු කර තිබේ.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ අදාළ විශ්වාසභංග යෝජනාවේ ii දරන චෝදනාව පැහැදිළිවම ජනාධිපති සිරිසේනගේ දේශපාලන ව්‍යාපෘතිය අඩපණ කිරීම වෙනුවෙන් ඉතා සූක්ෂමව ඇතුළත්කර ඇති චෝදනාවක් බවය. එම චෝදනාව මෙසේය.

රිෂාඩ් ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ii චෝදනාව පහත දැක්වේ !



තඹ දෙන්න ලියුම් ගැහුවේ ජනාධිපති කාර්යාලය !

වැඩිදුරටත් එම ආරංචිමාර්ග පෙන්වා දෙන ආකාරයට පාස්කු ඉරිදා කොළඹ කින්ස්බරි හෝටලයේ දී බෝම්බයක් පුපුරුවාගෙන මරාගෙන මැරුණු ඉන්ෂාෆ් අහමඩ් නමැති කෝටිපති ව්‍යාපාරිකයාට අයත්ව තිබූ ක්ලෝසස් පුද්ගලික සමාගම නමැති වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාව සදහා සහන මිලට තඹ ලබාදීමට ජනාධිපති සිරිසේන මැදිහත්ව ඇති බව දැනටමත් සාක්ෂි සහිතව අනාවරණය ඇත.

අදාළ ලිපිය ජනාධිපති සිරිසේනගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් (වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ) ශාන්ත බණ්ඩාර ගේ අත්සනින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිට 2018 ජුනි 06 වනදා යොමුකර ඇත.

මෙම ලිපිය හරහා ජනාධිපති සිරිසේනගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර දන්වා ඇත්තේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිට දන්වා ඇත්තේ මණ්ඩලයේ අබලි තඹවලින් සහන මිලට ටොන් 500 ක් ලබා දෙන ලෙසය. ශාන්ත බණ්ඩාර නිකුත් කළ ලිපිය පහත දැක්වේ.



ජනාධිපති සහෝදරයාත් සම්බන්ධයි !

එසේම පාස්කු ඉරිදා දිවයිනේ ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් බෝම්බ එල්ල කිරීමට පැමිණි ත්‍රස්තවාදීන් සමඟ ජනාධිපති සිරිසේනගේ සහෝදරයා වන කුමාරසිරි සිරිසේනගේ සම්බන්ධතාවයක් ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ ද මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබිණ.

ඒ හරහා ඔහු පැහැදිළිව චෝදනා කර සිටියේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කුමාරසිරි සිරිසේන එම සමාගමේ අබලි කේබල් විකිණිම නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුගේ තඔ කම්හලට ලබාදී ඇති බවය.

එසේම එම මාධ්‍ය නිවේදනය පුවතක් ලෙස ප්‍රචාරය කෙරුණු වෙබ් අඩවි කිහිපයක් SLT සහ Mobitel ජාල වලින් අක්‍රීය කර ඇති බවත් ඒ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේද දැනුවත් භාවයකින් තොරව බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති චෝදනා කර සිටියේය.

ජනාධිපති හාන්සියි !

ඒ බව දක්වමින් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට අදාළව පාස්කු ප්‍රහාරය සම්බන්ධ කල හැකි එකම සාක්ෂිය මෙම තඹ ලබාදීම පමණක් බවයි.

ඒ සඳහා වන චෝදනාව ගැන විවාද කරන විට මේ ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීම අනාවරණය වීම වළක්වා ගත නොහැකි බවත් ඒ අනුව ජනාධිපති කාර්යාලය නිල වශයෙන් සිදුකළ දැනුම්දීමක් අනුව රිෂාඩ් අමාත්‍යවරයා කටයුතු කර ඇති බැවින් එම චෝදනාවෙන් නිදහස් වීමට අමාත්‍යවරයාට අවස්ථාව හිමිවෙන බවත් දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙයි.

එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ සිට රිෂාඩ් අමාත්‍යවරයා මෙන්ම ආණ්ඩු පාර්ශවය නියෝජනය කරන සියලු මුස්ලීම් මැති ඇමතිවරුන් ත්‍රස්ත ප්‍රහාරයට දැඩිව විරෝධය දැක්වූ බවත් ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස එක හඬින් පැවසු බවත් එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

ශ්‍රීලනිපය කොටුවෙයි !

ජනාධිපති සිරිසේන අදාළ ක්ලෝසස් පුද්ගලික සමාගමට තඹ සැපයීම වෙනුවෙන් මැදිහත්වූ බවට ලිඛිත සාක්ෂි ඇති බැවින් ජනාධිපති නිදොස් කිරීමට මෙහිදී විපක්ෂයේ නිදහස් පක්ෂ පාර්ශවයට නොහැකි වන තත්ත්වයක්ද මතුව තිබේ. මෙහිදී ජනාධිපතිවරයාගේ පාර්ශවය "උදව්වක් ඉල්ලපු නිසා දුන්නා" , "ජනාධිපතිගෙන් උදව්වක් ඉල්ලන ඕන පුරවැසියෙකුට උපරිමයෙන් උදව් කරනවා" වැනි පිළිතුරු අදාළ නොවන අතර එයින් පෙනී යන්නේ ජනාධිපති කොතරම් වගකීම් විරහිතව කටයුතු කර ඇතිද යන්නය.

රිෂාඩ්ට තියන උත්තරේ !

එසේම මේ කරුණු හමුවේ ජනාධිපති කාර්යාලයෙන් නිල වශයෙන් ඉල්ලීමක් ලැබුණහොත් එය ඉටුකරදීමට ඕනෑම අමාත්‍යවරයෙක් කටයුතු කරන බව පැවසීමෙන් අමාත්‍ය රිෂාඩ් වෙත මේ සඳහා සරල පිළිතුරක් ලබාදිය හැකියාව ඇත.

විශේෂයෙන් ආණ්ඩුව සමගියෙන් තබා ගැනීම, තම නියෝග සහ ඉල්ලීම් ඇමතිවරුන් ඉටු නොකරන බවට ජනාධිපති නිතර එක්සත් ජාතික පෙරමුණට චෝදනා කිරීම, ජනාධිපතිට අමාත්‍ය විෂය පථ හිතුසේ වෙනස් කිරීමට හැකියාව තිබීම සහ ඔහු එවැනි ක්‍රියා සිදුකිරීම, ජනාධිපති සමඟ නෝක්කාඩු ඇතිකර ගත්විට අමාත්‍යධුර පවා අහිමිවීමේ අවධානමක් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ පාලිත රංගේ බණ්ඩාර හරහා පැහැදිළිව ප්‍රකාශවීම හරහා රිෂාඩ් අමාත්‍යවරයාට ඇති ඒ සරල පිළිතුර තදින් තහවුරු කරයි.

අනෙක් අතට ජනාධිපති කාර්යාලයේ නිල ලිපි ශීර්ෂයක් හරහා ඉල්ලීමක් සිදුකල විට ඊට හැකි උපරිම දායකත්වය ලබාදීමද ඕනෑම අමාත්‍යවරයෙක් සිදුකරන කටයුත්තකි.

දයාසිරි පවා අමාරුවේ !

වැඩිදුරටත් එම ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමත් සමඟ දියත්වූ වැඩිදුර විමර්ශන වලදී අත්අඩංගුවට පත්වන සියලු දෙනා ත්‍රස්තවාදීන් නොවන බවත් දෙරණ හිරු වැනි මාධ්‍ය ඒවා වාර්තා කල ආකාරයට ජනතාව තුළ එවැනි හැඟීමක් ඇතිකළ බවත්ය. නමුත් පළමුව අත්අඩංගුවට ගනුලැබූ පුද්ගලයන් රැසක් ත්‍රස්ත කටයුතු වලට සම්බන්ධ නොමැති බවට තහවුරු කරගැනීමෙන් පසුව නිදහස් කරන නමුත් ඒ කිසිවක් ඉහත මාධ්‍ය වාර්තා කළේ නැත. එසේ නොවන්න මේ වන විට ත්‍රස්ත කටයුතු කියමින් අත්අඩංගුවට ගෙන ඇති ප්‍රමාණය 1000 ට වැඩි විය යුතුය. ඒ අනුව හිරු දෙරණ ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක් දේශපාලන න්‍යායපත්‍රයක සිට කටයුතු කල බව පැහැදිළි වෙයි.

එසේම කිසියම් පාක්ෂිකයකු අත්අඩංගුවට පත්වූ විට ඒ ගැන සොයාබලා විමසීමක් කිරීම මෙරට ඕනෑම දේශපාලනඥයකු කරන සරල දෙයකි. නමුත් රිෂාඩ් අමාත්‍යවරයා මැදිහත්ව එවැන්නක් හෝ සිදුකරා කියන්නට පැහැදිළි සාක්ෂි කිසිවක් නැත.

නමුත් පාස්කු ප්‍රහාරයෙන් සති තුනක් ගෙවීයන්න ආසන්න වන විට වඩාත් සංවිධානාත්මකව වයඹ පළාතේ මුස්ලීම් ප්‍රජාව ඉලක්ක කරගත් මිලේච්ජ ප්‍රහාරයක් දියත්වූ අතර ඊට අදාළව අත්අඩංගුවට ගනුලැබූ පුද්ගලයන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැමිණ නිදහස් කරගෙන යන ආකාරයට අදාළ වීඩියෝ සාක්ෂි ඇත. එහෙත් මේ දක්වා මන්ත්‍රීවරයා සම්බන්ධව කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

ඒ අනුව මේ චෝදනා වලදී රිෂාඩ් අමාත්‍යවරයාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම වෙනුවට ජනාධිපති පාර්ශවයට සිදුවන්නේ තමන්ට අදාළ චෝදනා වලින් ගැලවිල්ලක් ලැබීමට කරුණු සොයමින් වටේ යන්නය.

පහත දැක්වෙන්නේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විපක්ෂය කතානායක වෙත භාරදී ඇති විශ්වාසභංග යෝජනාවයි.



[News Tube]

No comments:

Ad
Powered by Blogger.