Ad

IS සබඳතා පැවැත්වූ පොහොට්ටු මන්ත්‍රී නවුෂාඩ් ගුවන් තොටේදී අත්අඩංගුවට.


පසුගිය පාස්කු ඉදිරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දියත් කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ මාබෝල සංවිධායකයා ලෙස කටයුතු කරමින් සිට හදිසියේම විදේශ ගතවූ බව කියන වත්තල, මාබෝල නගරසභාවේ හිටපු සභාපති සහ පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) වත්මන් මන්ත්‍රී මෙන්ම විපක්ෂ නායකද වන මොහොමඩ් නව්ශාඩ් නැමැත්තා අද (17) අළුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ISIS සංවිධානය සමග සෘජු සම්බන්ධතා පැවැත්වූවෙකු ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව පෙරේදා (15) පස්වරුවේ ගිනිඅවියක්ද සමග අත්අඩංගුවට ගනු ලැබූ පොහොට්ටු පක්ෂයේ මාබෝල කොට්ඨාශයේ සංවිධායකවරයා මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකුද වන මොහොමඩ් රිස්වාන්ගේ දේශපාලන ගුරුවරයා වන්නේද මෙම මොහොමඩ් නව්ශාඩ් බව පැවසේ.

මීට පෙර එනම් අප්‍රේල් 24වනදා තවුහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු බවට හඳුනාගැනීමෙන් අනතුරු එම සංවිධානයේ ලාංඡන, වෝකිටෝකි යන්ත්‍ර ඇතුළු ද්‍රව්‍ය රැසක් සමග අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඩ් රිෆාස් නැමැත්තා මොහොමඩ් නව්ශාඩ්ගේ ඥාති සහෝදරයෙකි.

වත්තල - මාබෝල නගර සභාවේ විපක්ෂ නායක පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී මොහොමඩ් නව්ශාඩ් විසින් මාබෝල ප්‍රදේශයේ ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ පල්ලියක්ද පවත්වාගෙන ගොස් තිබිණි.

සවුදි ආරාබිය ඇතුළු විවිධ රටවලින් ඔහුට නොයෙකුත් අවස්ථාවලදී විවිධ ද්‍රව්‍ය ආධාර ලැබෙන බවත් විශේෂයෙන් අරමුදල් ලැබෙන බවත් ඉතා විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

සොහොයුරා අත්අඩංගුවට ගැනීමෙන් පසු අනාවරනය වී තිබුනේ මෙම මොහොමඩ් නව්ශාඩ් නැමැති පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරා මැලේසියාව බලා ගොස් ඇති බවයි.

කෙසේ නමුත් ඔහු මෙරටට පැමිණ නැවත ඉන්දියාවට ගොස් තිබේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.