Ad

'රාජ්‍ය විරෝධී' ලිපිය ජනගත කරන්න: කිරිඇල්ල ගෙන් අභියෝගයක්!


සිය අමාත්‍ය කාර්ය මණ්ඩලයේ මාධ්‍ය ඒකකයේ සේවකයින් තිදෙනෙකු සමග අත්අඩංගුවට ගත් රාජ්‍ය විරෝධී යැයි කියන ලිපි රටේත් ජනතාවගේත් දැනුවත්වීම සඳහා හැකි නම් ප්‍රසිද්ධ කරන්න යැයි පාර්ලිමේන්තුවේ සභා නායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පොලිසියට අභියෝග කර සිටියි.

ලක්ෂමන් කිරිඇල්ල මහතා මේ අභියෝගය කර සිටින්නේ, ජාතීන් අතර අසමගිය ඇති වන පරිදි සහ ජනාධිපතිවරයාට අපහස වන අයුරින් සැකසූ ලිපි 600ක් සමග රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් තිදෙනෙකු කොළඹ, මධ්‍යම තැපැල් හුවමාරුවේදී, කොටුව පොලීසිය මගින් අත්තඩංගුවට ගැනුණු බවට පළ වන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

මෙම අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා ජනමාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ සියලු ජන මාධ්‍ය ඔස්සේ පළ වන දේශපාලනික, ජාතික, සංස්කෘතික සහ සමාජීය වශයෙන් වැදගත් ගවේෂණාත්මක ලිපි ජනතාවගේ දැන ගැනීම සඳහා සියලු දෙනා අතර බෙදා හරින ලෙසට තමා දී ඇති උපදෙස් අනුව සිය මාධ්‍ය ඒකකය ක්‍රියා කර ඇති බවය.

එමෙන්ම මේ කියන ලිපිය, ලොව පිළිගත් ප්‍රවෘත්තිමය අන්තර් ජාල වෙබ් අඩවියක් වන www.colombotelegraph.com යන වෙබ් අඩවියේ 2019.04.28 වැනිදා “Sirisena Briefed About Easter Sunday Attacks 10 Days Before: Protects SIS Chief, Lies About IGP And Defence Secretary” යන ශීර්ෂය යටතේ පළ වූ ඉංග්‍රීසි ලිපියේ පරිවර්තනයක් බව ද හෙතෙම අවධාරණය කර සිටියි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ, කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත්තේ සම්පත් කුමාර, දනුෂ ප්‍රියදර්ශන සහ කවිඳු තක්ෂිල වීරසේන යන මහනුවර පදිංචි සිංහල බෞද්ධ තරුණයින් තිදෙනයා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිකුත් කළ විශේෂ නිවේදනය පහත පළවේ.


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.