Ad

අගමැති රනිල්ට නියත විවරණ.


මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපති වීමෙන් පසු ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ ට නියත විවරණ දෙන බව පූජ්‍ය කීනියාවල පාලිත හිමි සඳහන් කර ඇත.

අරලිය ගහ මන්දිරයේදී පැවැති බෝධිපූජා පින්කමකදී අදහස් පල කරමින් කරමින් උන්වහන්සේ මේ බව සදහන් කර ඇත.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙරට සිටින ඉතාම දක්ෂ පාලකයෙක් බවත් ලංකාවේ වැඩිපුරම බැනුම් ඇසූ අගමැතිවරයෙක් ද වන ඔහු නොයෙක් අපහාස උපහාස විඳින ලද අගමැතිවරයෙක් ද වන බව උන්වහන්සේ පවසා තිබේ.

 අගමැති රනිල් වික්‍රමසිංහගේ ද අඩුපාඩුකම් දුර්වලකම් කොතෙක් ඇතත් ඒවා අමතක කළ යුතු බවත් කී උන්වහන්සේ නොදන්නා දෙයියන්ට වඩා දන්නා මහසෝනා හොඳ යැයිද සඳහන් කර ඇත.

හිනා නොවුනාට, කතා නොකළාට, ළමයි වඩා නොගත්තාට ඕනෑම ලෝකයේ රාජ්‍ය නායකයෙකුට දුරකථනයෙන් ඇමතිය හැකි නායකයෙක් නිසා තමන් මීළඟ ජනාධිපති වීමට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට ජනාධිපති වීම සදහා නියත විවරණ දෙන බවද උන්වහන්සේ පැවසූහ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.