ඒකාබද්ධය හා බදුයුදීන් අතර කතාවක් ලීක් වෙයි!


රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට ඒකාබද්ධ විපක්ෂය හා එක්වන ලෙස එම පාර්ශවයෙන් ආරාධනාවක් ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවල මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අමාත්‍ය බදියුදීන් මහතා මේ බව ප්‍රකාශ කළ බව දෙරණ වාදපිටිය වැඩසටහනට ඊයේ (21) එක්වෙමින් කියා සිටියේය.

අගමැතිවරයා කිසිදු මොහොතක විශ්වාසභංගය පරක්කු කිරීමට හෝ එය නොගෙන ඉන්නැයි පවසන්නේ නැති බවත් කියා සිටි රාජ්‍ය අමාත්‍යවරයා, කණ්ඩායම් රැස්වීමේ දී න්‍යාය පත්‍රය ගැන කථා කරළ ද විශ්වාසභංගය ගැන පිළිබඳ වැඩි අවධානයක් යොමු නොවු බව ද පැවසීය.

No comments:

Ad
Powered by Blogger.