ETI අධ්‍යක්ෂවරුන්ගේ පෞද්ගලික වත්කම් එම ආයතනයට පවරා ගනී.


ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂවරුන්ගේ පෞද්ගලික වත්කම් එම ආයතනය වෙත පවරා ගැනීම සදහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සදහන් කළේය.

 ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය 2017 වසර අග භාගයේ සිට මුහුණදුන් උග්‍ර ද්‍රවශීලතා අර්බුදය ද ඇතුලත්ව 2011 සිට පැවති විවිධ අක්‍රමිකතා සදහා විසදුම් ලබාදීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවය මහ බැංකුව සදහන් කරයි.

ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ අවදානම් ද්‍රවශීලතා තත්ත්වය මත තැන්පත්කරුවන්ට තැන්පතු ආපසු ගෙවීමේ දුෂ්කරතා හේතුකොටගෙන මුදල් මණ්ඩලය විසින් එම ආයතනයේ මෙහෙයුම් කටයුතු සීමා කරමින් විධාන කීපයක් පසුගිය වසරේ ජනවාරි මස 02 වනදා නිකුත් කර තිබුණි.

ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන යෝජනා අදාළ සමාගම් මාර්ගයෙන් ආයෝජකයින් විසින් ඉදිරිපත් කර ඇති අතර ඒවා පුළුල් වශයෙන් සලකා බලා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන ප්‍රගතීන් ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනවල තැන්පත්කරුවන් වෙත සන්නිවේදනය කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී ඇත.

No comments:

Ad
Powered by Blogger.