ලංකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඔයා: රනිල් - ධම්මික රහස් හමුවේ සියළු විස්තර මෙන්න.


කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා එක්සත් ජාතික පෙරමුණේ 2020 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් කිරීමට මැදිහත්ව ඇත්තේ දිනේෂ් වීරක්කොඩි (අමාත්‍ය ජෝන් අමරතුංගගේ බෑනා ) බව අනාවරණය වී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ධම්මික පෙරේරා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර  පසුගිය දිනක රහසිගත හමුවක් සිදුව  ඇති අතර එය සංවිධානයකර ඇත්තේ දිනේෂ් වීරක්කොඩි විසින්ය.

මේ සම්බන්ධව ලැබී ඇති තොරතුරු අනුව ධම්මික පෙරේරා හමුව සිදුවීමට පෙර දිනේෂ් වීරක්කොඩි සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුව ඇත. එහිදී අදහස් හුවමාරුව ඇත්තේ  එළඹෙන  ජනාධිපතිවරණය සඳහා ආකර්ශනීය සහ විශ්වාසවන්ත අපේක්ෂකයකු සොයාගැනීම සම්බන්ධවය.

ආකර්ශනීය අපේක්ෂකයෙක් !

එහිදී ඔවුන් දෙදෙනාම අවධානය යොමුකර ඇත්තේ ආර්ථික වශයෙන් රට ගොඩනැගිය හැකි තහවුරුව ලබාදිය හැකි කැසිනෝ ශාලා හිමි කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා වැන්නකු හරහා පහසුවෙන් ඉහළ මධ්‍යම පන්තිය ආකාර්ශනය කරගත හැකි බවත් ඒ හරහා සමාජ මතය නිර්මාණය කරගනිමින් ජයග්‍රහණයේ අපේක්ෂාවක් තබාගත හැකි බවය.

ධම්මිකගේ ගෙදර රහසිගත හමුව !

ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් සහ ධම්මික පෙරේරා අතර රහසිගත හමුවක් සූදානම් කිරීම දිනේෂ් වීරක්කොඩි භාරගෙන ඇති අතර පසුව එය ධම්මික පෙරේරා වෙත දැනුම්දී ඇත්තේද දිනේෂ් වීරක්කොඩි විසිනි.

පසුව අග්‍රාමාත්‍යවරයාගේ කොළඹ පස්වැනි පටුමගේ නිවසේ සිට ධම්මික පෙරේරාගේ කොළඹ කෞතුකාගාරය අසල පිහිටි සුවිසල් නිවසට අග්‍රාමාත්‍යවරයා සහ දිනේෂ් වීරක්කොඩි ගොස් ඇත. 

ධම්මික ඔයා තමයි ලංකාවේ ට්‍රම්ප් !

එහිදී තම යෝජනාව අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත්කර ඇති අතර මේ වන විට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ සිටින කිසිඳු අමාත්‍යවරයෙකු සම්බන්ධව විශ්වාසය තැබිය නොහැකි බව  ජනතාව විකල්ප මුහුණක් අපේක්ෂාවෙන් සිටීම ගැනත් සාකච්ඡා කර ඇති බවද වාර්තා වෙයි. මෙහිදී අග්‍රාමාත්‍යවරයා ධම්මික පෙරේරාට අවධාරණය කර ඇත්තේ "ලංකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඔයා"  කියාය.

මෙම සාකච්ඡාවේදී ධම්මික පෙරේරා විසින් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට එකඟතාව පළකර ඇති බවත්, ධම්මික පෙරේරා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් අග්‍රාමාත්‍ය ධූරය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාටම ලබාදෙන පොරොන්දුව එහිදී ගෙන ඇති බවත් දැනගන්නට ඇත.

මෙහිදී ධම්මික පෙරේරාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය එකඟ කරගැනීම පමණක් නොව ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලීම් කොංග්‍රසයේ සහය ලබාදීමට කටයුතු කරන බවට තහවුරුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ලබාදී ඇති බවත් දැනගන්නට තිබේ.

ධම්මිකගේ කටින් වචනේ පැනලා !

ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ධම්මික පෙරේරා එකඟව ඇත්තේ ඉන් අනතුරුවය.

මේ කරුණ කරළියට විවෘතව ඇත්තේ ධම්මික පෙරේරා විසින් වෙනත් පාර්ශවයක් සමඟ මේ පිළිබඳ පැවසීම හරහාය. නමුත් පෙර එකඟතාව තිබී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සුළු පක්ෂ සමඟ මේ ගැන සාකච්ඡා කර ඔවුන්ගේ අදහස දැනගැනීමෙන් පසුව ප්‍රසිද්ධ කිරීමටය.

එජාපෙ දැඩි විරෝධයක් !

පසුව කෙසේහෝ එක්සත් ජාතික පෙරමුණ මැති ඇමතිවරුන් මේ සම්බන්ධව දැනුවත්ව ඇති අතර සුදූ මුදලාලි කෙනෙකු සිය පක්ෂයේ අපේක්ෂකයා කිරීම සම්බන්ධව දැඩි විරෝධයක් ඔවුන් වෙතින් පළව තිබේ. පක්ෂ අභ්‍යන්තරයේ මේ ගින්න මේ වන දැවෙමින් තිබෙන අතර අති බහුතරයක් අමාත්‍යවරුන් මීට විරුද්ධව සිටින බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙසේ විරෝධය දක්වන එජාපෙ මැති ඇමතිවරුන්ගේ අදහස් වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ සිටින අයෙකු ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වියයුතු බවය. එසේම ධම්මික පෙරේරා ආදායම් බදු වංචා කිරීම, කොටස් වෙළඳපොල අක්‍රමිකතා, මුදල් විශුද්ධිකරණය  ඇතුළු මූල්‍ය අක්‍රමිකතා රැසකට චෝදනා ලැබුවකු වන බවත් එහෙයින් ඔහුව අපේක්ෂකත්වයට නම් කිරීම කොහෙත්ම අනුමත කල නොහැකි බවත් ඔවුන්ගේ අදහස වී තිබේ.

දිනේෂ් මහ බැංකුවේ අධිපති?

මේ අතර දිනේෂ් වීරක්කොඩි ද සිය හිතවතුන් සමඟ පවසා ඇත්තේ ධම්මික පෙරේරා ජනාධිපති වුවහොත් ඊළඟ ආණ්ඩුවේ මහ බැංකු අධිපති තමන් බවය. 2015 ආණ්ඩුව පිහිටවූ අවස්ථාවේ ද මහ බැංකු අධිපති ධුරය සඳහා තමන් නම්ව තිබු නමුත් අවසන් අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැදිහත්ව එය අර්ජුන් ඇලෝසියස් වෙත ලබාදුන් බවත් ඔහු සිහිපත්කර ඇත.

එමෙන්ම දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව කුමන්ත්‍රණය දියත්කර ඇති බවක් අග්‍රාමාත්‍යවරයා සමඟ පවසා ඇති බවය. 

සජිත් කුමන්ත්‍රණයක් කරනවා !

කෙසේ වුවත් මේ කතා බහ අනාවරණය වීමත් සමඟ දිනේෂ් වීරක්කොඩි අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ ජනාධිපති සිරිසේන සමඟ පැවති සමීප මිතුරුදමත් බිඳගෙන තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. දිනේෂ් වීරක්කොඩි මීට පෙර 2015 පෙරළිය සම්බන්ධව ඉතිහාසය වෙනස් කරමින් ආණ්ඩු මාරුවේ මහ මොළය තමන් බව කියාගන්නා ආකාරයේ කෘතියක් පවා ලියු අතර එහිදී පැවති රහසිගත හමු දක්වන ජායාරූපද ඊට එකතුකර තිබුණි.

[News Tube]

No comments:

Ad
Powered by Blogger.