එජාප අගමැති අපේක්ෂක රාජිත?


ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහ මහතාටත් අගමැති ධුර අපේක්ෂකත්වය රාජිත සේනාරත්න මහතාටත් ලබාදී මැතිවරණ ව්‍යාපාරය වහාම ආරම්භ කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් ගණනාවක් එජාප නායකත්වයට දැනුම්දී ඇතැයි 'ලංකා නිවුස් වෙබ්' වෙබ් අඩවිය පවසයි. 

මෙවර මෙන්ම ආණ්ඩුව මුහුණ දුන් සෑම අසීරු අවස්ථාවකදීම ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටියේ රාජිත සේනාරත්න ඇමතිවරයා පමණක් බවත් දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල සංවර්ධනයක් ඔහු විසින් සිදුකර ඇතැයිද ආණ්ඩුවේ සාර්ථක වැඩපිළිවෙලක් ලෙස පෙන්වා දිය හැකි එකම වැඩපිළිවෙල එය බවද ඔවුන් පෙන්වා දී ඇතැයි එම වාර්තාව්වේ සඳහන්ය.

එසේම රටේ පවතින තත්ත්වය බැරෑරුම් හෙයින් වහාම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ නොකළහොත් එය පක්ෂයට ඉතාම අහිතකර තත්ත්වයක් වනු ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

මේ අවස්ථාවේ පක්ෂයෙන් ඉදිරිපත් කළ යුත්තේ පතෝල නායකයන් නොව බරක් කරට ගෙන පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවිය හැකි නායකයන් බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇතැයි එම වාර්තාවේ සඳහන්ය.

No comments:

Ad
Powered by Blogger.