මාධ්‍යවල 'කඩු සංදර්ශනය' ගැන හමුදාපති ඇත්ත හෙළි කරයි.


සෝදිසි මෙහෙයුම්වලදී හමුවන කඩු සහ වෙනත් තියුණු ආයුධ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නැයි යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි.

'නෙත් නිවුස්' සමග කළ විශේෂ සංවාදයකදී යුධ හමුදාපතිවරයා එබව කියා සිටියේය. ආරක්ෂක මෙහෙයුම් වලදී හමුවන බොහෝ කඩු පෞරාණික හා මළකඩ කෑ ඒවාද බව යුධ හමුදාපතිවරයා එහිදී පැවසිය.

ශ්‍රී ලාංකික නිවෙස්වල කඩු හෝ වෙනත් තියුණු ආයුධ තිබීම පුදුමයක් නොවන බව පැවසු යුධ හමුදාපතිවරයා, ශ්‍රී ලාංකිකයන් යනු විජය රජුගේ යුගයේ සිටම කඩු වලින් සටන් කල ජාතියක් බව සිහිපත් කළේය.

එසේ තිබියදී ඇතැම් මාධ්‍ය මෙම කඩු සහ තියුණු ආයුධ සම්බන්ධයෙන් වාර්තා කරන්නේ ලන්දේසී සටන වාර්තා කරන්නා සේ ජනතාව බිය ගන්වමින් බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

එබැවින් බිම වැටී තිබෙන අජීවී පතරොම් හෝ බෝර 12 ගිනි අවියක් පෙන්වමින් සිදුකරන රගපෑම් නවත්වන ලෙස යුධ හමුදාපතිවරයා මාධ්‍යවලින් ඉල්ලා සිටියේය.

සෝදිසි මෙහෙයුම්වලදී සොයාගැණූනු ගිනි අවි සම්බන්ධයෙන්ද වැඩිදුරටත් අදහස් දක්වමින් යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවසුවේ, ජතික තවුහිද් ජමාත් සංවිධානයට අදාළව මේ දක්වා හමුවී ඇත්තේ ටී 56 ගිනි අවි 01 පමණක් බවයි.

No comments:

Ad
Powered by Blogger.