ODEL, Glomark, Burger King, Baskin Robbins සහ Softlogic MAX ඇතුගල්පුරයට.


ශ‍්‍රී ලංකාවේ අග‍්‍රගණ්‍යම පාරිභෝගික සේවා සන්නාමයක් වන සොෆ්ට්ලොජික් විසින් ශ‍්‍රී ලංකාවේ සුවිසල් සන්නාම 5කින් සමන්විත වූ සිය නවතම ප‍්‍රදර්ශනාගාරය 2019 මැයි මස 10 වැනිදා කුරුණෑගල නගරයේ දී උත්සවාකාරයෙන් විවෘත කළේය. මෙම සුවිශේසී අවස්ථාවේ දී සොෆ්ට්ලොජික් හෝල්ඩිංස්හි සභාපති/කළමනාකාර අධ්‍යක්ෂක අශෝක පතිරගේ මහතා විසින් සමාරම්භක පීත්ත පටිය කපා කුරුණෑගල ශාඛාව නිල වශයෙන් විවෘත කළේය. දිවයින පුරා විහිදී ඇති සොෆ්ට්ලොජික් අලෙවිසැල් ජාලයට අලූතින්ම එකතුවන කුරුණෑගල සුවිසල් ප‍්‍රදර්ශනාගාරයේ ODEL, Softlogic Glomark Supermarket, Burger King, Baskin Robbins සහ Softlogic MAX ආදී වූ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රචලිත සන්නාමයන් එකම තැනකින් ලබාගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට උදාවේ. කුරුණෑගල නගර මධ්‍යයේ සියලූ දෙනාට ලෙහෙසියෙන් පහසුවෙන් ළඟාවිය හැකි අංක 75, කොළඹ පාරේ කුරුණෑගල පොලිස් ස්ථානයට යාබදව වාහන ගාල් කිරීමේ පහසුකම් ද සහිතව තට්ටු හතරක සුවිසල් ගොඩනැගිල්ලක ස්ථාපිත කර තිබේ. මෙම නව සොෆ්ට්ලොජික් ප‍්‍රදර්ශනාගාරයේ සියලූම මහල්වල එකිනෙකට වෙනස් සොෆ්ට්ලොජික් අලෙවි ශාඛා ස්ථාපනය කර තිබෙන අතර යටම බිම්මහල Glomark සුපිරි වෙළඳදසැලට වෙන්කර තිබේ. එමෙන්ම බිම්මහල Baskin Robbins සහ Burger King සඳහා ද පළමු මහල ODEL ප‍්‍රදර්ශනාගාරය සඳහා ද දෙවන මහල ODEL Sports, ODEL Home සහ Softlogic MAX සඳහා වෙන්කර තිබේ. වැඩි පිිරිසකට රථවාහන ගාල් කළ හැකි ඉතා විශාල රථවාහන ගාලක් මෙම ගොඩනැගිල්ලේ පවතින අතර, පැමිණෙන අයට ලෙහෙසියෙන් පහසුවෙන් අවශ්‍ය තැනට යාමට හැකිවන පරිදි පුළුල් පඩිපෙළවල්, විදුලි පඩිපෙළවල් සහ විදුලි සෝපාන ස්ථාපිත කර ඇති අතර, ආබාධිත පුද්ගලයන්ට ද මෙම ප‍්‍රදර්ශනාගාරයට ඇතුලූ විය හැකි පරිදි පිවිසුම් මාර්ග සකස් කර තිබේ. කුරුණෑගල ජනතාවගේ පාරිභෝගික අවශ්‍යතාවයන් සහ සුවපහසුව මනාව අවබෝධ කරගනිමින් සියලූ දෙනාට ඉතා ඉහළ පාරිභෝගික අත්දැකීමක් ලබාගැනීම ස`දහා සියලූ කටයුතු මෙම ගොඩනැගිල්ලේ සම්පාදනය කර තිබේ.

මෙම ප‍්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ උළෙලේදී සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් පී.එල්.සී. සමූහයේ සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා සිය අදහස් දැක්වීය. ”ඉතා ශීඝ‍්‍රයෙන් දියුණු වන කුරුණෑගල නගරයට සහ එහි වාසය කරන ජනතාවට අසමසම සහ පරිපූර්ණ ජාත්‍යන්තර තලයේ පාරිභෝගික අත්දැකීමක් ලබාදීමට හැකිවීම පිළිබ`දව අපි ඉතාමත් සතුටට පත්වෙනවා. දිවයින පුරා සියලූ වයස් වලට අයත් පාරිභෝගික ජනතාව අතර ඉමහත් ජනාදරයට පාත‍්‍රවෙමින් සහ ඔවුන්ගේ ජීවිත වලට උසස් පාරිභෝගික අත්දැකීමක් ලබාදෙමින් ඉහළ ජීවිතයක් අත්වි`දින්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට අපේ ප‍්‍රමුඛතම සොෆ්ට්ලොජික් සන්නාමයන් වලට හැකියාව ලැබුණා. කුරුණෑගල ජීවත්වන සියලූ පාරිභෝගික ජනතාවට දැන් ජාත්‍යන්තර තලයේ ඉහළම විලාසිතා නිෂ්පාදන සහ දේශීය වශයෙන් ජනප‍්‍රිය ඇ`දුම් පැළ`දුම් මිලදී ගැනීමේ හැකියාව අප මෙහිදී ලබාදී තිබෙනවා. ඒවගේම, අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදීගැනීමට යාමේදී ජාත්‍යන්තර තලයේ ඉහළ ජීවන අත්දැකීමක් ලබාදීමට අපේ Glomark සුපිරි වෙළ`දසැලට හැකියාව තියෙනවා. රසයෙන් පරිපූර්ණ බර්ගර්ස් සහ විවිධ අන්දමේ අයිස්ක‍්‍රීම් වර්ග Burger King සහ Baskin Robbins වෙතට පැමිණීමෙන් ඔබට රස වි`දිය හැකියි. ඒවගේම, ලොව ප‍්‍රචලිත සන්නාමයන්ට අයත්වන විද්‍යුත් උපකරණ සහ ගෘහ භාණ්ඩ එකම වහළක් යටින් මිලදී ගැනීමේ අවස්ථාව මෙම`ගින් ඔබට හිමිවේ. ශ‍්‍රී ලංකාවේ පළමු වරට අංග සම්පූර්ණ පාරිභෝගික අත්දැකීමක් පවුලේ සියලූ දෙනාට එකට එක්වී එකම තැනකින් ලබාගැනීමේ සුවිශේෂී අවස්ථාවක් සහ ලොව පුරා ප‍්‍රචලිත වී ඇති සර්ව සම්පූර්ණ පාරිභෝගික අත්දැකීමක් එකම තැනකින් ලබාගැනීමේ ආකෘතිය ජනතාවට මෙහිදී අත්වි`දීමේ හැකියාව උදාවෙනවා. ආදායම වර්ධනය කරගනිමින් ශීඝ‍්‍රයෙන් ඉහළ ආදායම් තත්ත්වයකට ළ`ගාවීමට අපේක්ෂිත කුරුණෑගල ජනතාවට ජාත්‍යන්තර සන්නාමයන් තම නගරයේ දී මිලදීගැනීමට හැකියාව ලැබෙන අතර, කිසිදු සැකයකින් තොරව මෙම නව පාරිභෝගික අත්දැකීම් ලබාගැනීමට මෙම ප‍්‍රදර්ශනාගාරයට පැමිණෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඒවගේම, සියලූම ජනතාවට ඉහළ සේවයක් ලබාදීමට අපේ දොරටු සියල්ලම විවෘත කර ඇති අතර ඔවුන්ව සාදරයෙන් පිළිගැනීමට අප සූදානම්.”

No comments:

Ad
Powered by Blogger.