Ad

රනිල් - මහින්ද හදිසි හමුවක්: පසුව මාධ්‍ය හමුවකුත්!


විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයින් හමුවීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ, පවතින වාතාවරණය තුළ රටේ බොහෝ දෙනෙකු ආර්ථික වශයෙන් අසරණව සිටින බවයි.

රජය මේ පිළිබඳව අවධානය යොමු කර ජනතාවට සහන පැකේජයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටීම සඳහා විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍යවරයා හමුවන බව ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.

මේ හමුවෙන් පසුව අරලියගහ මන්දිරයේ මාධ්‍ය හමුවක් පැවැත්වීමේ සූදානමක් ඇති බවද මේ අතර වාර්තා වේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.