Ad

ඥානසාර හිමිගේ සැණකෙළි දිනය අද: හිස්බුල්ලා - අසාද් ජනපතිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් එම තනතුරුවලින් ඉවත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ආණ්ඩුවට අද (03) දහවල් 12.00 වනතුරු කාලය ලබාදෙන බවත් එසේ නොවුණහොත් රට පුරා සැණකෙළි බලාගැනීමට හැකිවනු ඇති බවටත් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ඊයේ (02) මහනුවරදී අනතුරු හඟවා තිබිණි.

මේ අතර ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් ගෙන් ඊයේ (02) රාත්‍රී කර තිබූ ඉල්ලීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

ජනපතිවරයා මේ අවස්ථාවේ මුහුණදී ඇති තත්ත්වය තේරුම් ගත හැකි බව ඔවුන් දෙදෙනාම පවසා ඇති අතර අවශ්‍ය නම් තනතුරුවලින් ඉවත් කරන ලෙස ද දන්වා ඇතැයි වාර්තා වේ.

පුජ්‍ය රතන හිමියන්ගේ උපවාසය හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලවත් අසීරුතාවයකට පත්ව සිටින හෙයින් තාවකාලිකව හෝ ආණ්ඩුකාර තනතුරු වලින් ඉවත්වන්නැයි ජනාධිපතිවරයාගේ නියෝජිතයින් කිහිප දෙනෙකුම ඊයේ දිනයේ කිහිප අවස්ථාවකදීම ඔවුන් දෙදෙනා ගෙන් ඉල්ලා ඇතත්, ඔවුන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුනේ ජනාධිපතිවරයා තමන්ගෙන් එවැනි ඉල්ලීමක් කර නොමැති බව පවසමිනි.

ආණ්ඩුකාර හිස්බුල්ලහ් මහතා ඊයේ (02) රාත්‍රී 7.00ට පමණ ජනාධිපතිවරයා හමුවී සාකච්ජාවක් පවත්වා ඇති අතර එහිදී හෝ තමාට ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ඉදිරිපත් නොවූ බව හිස්බුල්ලාහ් දමිළ මාධ්‍යට පවසා තිබේ.

කෙසේවුවද, ජනාධිපතිවරයා ඔවුන්ට ඉල්ලා අස්වන්නැයි ඉල්ලීමක් කර තිබුනේ ඉන් අනතුරුව බව පැවසේ.

ජනාධිපතිවරයාගේ දැනුම් දීමෙන් අනතුරුව හිස්බුල්ලහ් මහතා, ආසද් සාලි මහතාගේ නිවසට ගොස් වත්මන් අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වේලාවක් සාකච්ජා පවත්වා ඇති අතර මොනයම්ම තත්වයක් යටතේ හෝ ඉල්ලා අස්නොවිමට එම අවස්ථාවේදී තීරණය කර ඇතැයි පැවසේ.

මේ අතර, ජනපති අද පස්වරුවේ දළදා මාලිගාව ඉදිරිපිට උපවාසයක නිරත රතන හිමියන් බැහැ දැකීමට යාමේ සූදානමක් ඇති බවද වාර්තා වේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.