Ad

හිස්බුල්ලාගේ හිස් කතාවට: අගමැතිගේ ප්‍රබල විරෝධය.


ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වුවත් ගෝලීය වශයෙන් මුස්ලිම්වරුන් මහ ජාතියක් බවත් කාගේත් බලපෑම් වලට මුස්ලිම්වරුන් යටත් නොවන බවටත් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා කළ ප්‍රකාශය හෙළා දකින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

සිවිල් සංවිධාන නියෝජිතයන් සමඟ කොළඹ අරලිය ගහ මන්දිරයේදී ඊයේ(11) පැවැති විශේෂ හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා අදාල ප්‍රකාශය නොකළා යැයි මෙතෙක් ප්‍රතික්ෂේප කර නැති බව කී අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලාංකිකයෙක් නම් පවතින තත්ත්වය තේරුම්ගෙන බහුතරය කවුද ? සුලුතරය කවුද? යන්න තේරුම් ගෙන සියලුම දෙනා එක්ව අයිතිවාසිකම් ඇතිකරගත යුතු බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ උපාධිය දෙන ආයතන ආරම්භ කළ හැක්කේ ශ්‍රී ලාංකිකයන්ට පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා එසේ නැතිනම් එම ආයතන රජයට පවරා ගැනීමට සිදුවන බවද අවධාරණය කළේය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.