ගෝඨා බලන්න, විශේෂ සාකච්ඡා කිහිපයකට රනිල් සිංගප්පූරු යයි.


සිංගප්පූරුවේ රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම ඇතුළු කටයුතු කිහිපයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සමඟ ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත් විය. අග්‍රාමාත්‍යවරයා විශේෂඥ වෛද්‍ය තේනබන්දු මහතාගේ උපදෙස් මත එහිදී වෛද්‍ය පරීක්ෂණයක් කරගැනීමට ද නියමිතය. 

ගෝඨාභය රාජපක්ෂ මහතාව හමුවීමට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේදී තවත් වැදගත් විශේෂ සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ. 

අග්‍රාමාත්‍යවරයා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන 15 වනදාය. 

No comments:

Ad
Powered by Blogger.