Ad

සුඛෝපභෝගී හෝටලයකට ආයෝජන මණ්ඩලය ඩොලර් මිලියන 4.5 ක ගිවිසුමක් අත්සන් තබයි.

ලංකා ආයෝජන මණ්ඩලය හා සුන්දරා ලිමිටඩ් අතර ආයෝජන ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය දා සිදුවිය. මේ අනුව ඩොලර් මිලියන 4.5 ක ආයෝජනයකින් යුතු සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයක් කොග්ගල දී ඉදිකෙරනු ඇත. ‘The Plantation Luxury Villas in Koggala’ යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජිත මුදල ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 792 කි.

මේ පිළිබඳව දැනුම් දීම සඳහා ලංකා ආයෝජන මණ්ඩලය විසින් මාධ්‍ය හමුවක් පසුගිය දා කැඳවූ අතර එහිදී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති මංගල යාපා මහතා මෙසේ අදහස් දැක්වීය.

“ඩොලර් මිලියන 4.5 ක ආයෝජනයකින් දකුණු පළාතේ ඉහළ පංතියේ සංචාරක නිකේතනයක් විලා කිහිපයකින් සමන්විත 2020 වන විට සදා නිම කිරීම සඳහා ඩේල් රෙනී සහ සබ්‍රිනා රෙනී සම්බන්ධ වුණු The Plantation කියන ආයතනයත් එක්ක ආයෝජන මණ්ඩලය ගිවිසුමකට අත්සන් කළා.“

“සංචාරක කර්මාන්තය යම්කිසි කඩාවැටීමකට ලක් වුණා කියන අවස්ථාවක අපිට පුළුවන් වුණා මේ ගිවිසුම නැවත වාරයක් ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න. ඒකෙන් පෙන්නුම් කරන්නේ විදේශික ආයෝජකයින්ගේ ලංකාව ගැන තියෙන විශ්වාසය, සංචාරක ව්‍යාපාරය ගැන තියෙන විශ්වාසය සහ සංචාරකයින් ඉදිරියටත් ලංකාවට පැමිණෙයි කියලා තියෙන බලාපොරොත්තුව පිළිබඳ ලොකු විශ්වාසයක් ඔවුන් සතුව තිබෙනවා.“

“ලෝකය පුරා ලංකාව පිළිබඳ සෘණාත්මක මතවාද ගොඩනැගෙන වෙලාවක අද අපිට සුභවාදී පණිවුඩයක් නිකුත් කරන්න ලැබීම පිළිබඳව පෞද්ගලිකව සතුටු වෙනවා.“

සබ්‍රිනා වැන් ක්ලීෆ් ඕල්ට් සහ ඩේල් රෙනී මෙම ව්‍යාපෘතියේ ආයෝජකයින් වේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.