මහින්ද - රනිල් සාකච්ඡා සාර්ථකයි.


පාස්කු  ඉරිදා ප‍්‍රහාරයෙන් පසු  රටේ ආර්ථිකය සහ ජනතාවට සහන  ලබාදීම සම්බන්ධයෙන්  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා ප‍්‍රමුඛ රජය සමඟ විපකෂනායක  මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ කණ්ඩයම සමඟ පැවැත්වූ  සාකච්ඡාව සාර්ථක වූ බව දෙපාර්ශවය විසින්ම ප‍්‍රකාශ කෙරිණි.

කොළඹ අරලියගහ මන්දිරයේ දී පැයකට අධික කාලයක් පැවති සාකච්ඡා ඉතාමත්ම සාර්ථකව අවසන් වූ බව විපක්ෂනායක  මහින්ද රාජපක්ෂ මහතා  මුදල් අමාත්‍ය  මංගල සමරවීර මහතාත් මාධ්‍ය හමුවේ  ප‍්‍රකාශ කළේය.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක්  මත  මෙම සාකච්ඡාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා සමඟ පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර, පොදු සැපයීම් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, සුසිල් පේ‍්‍රමජයන්ත, බන්ධුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ඇතු පිරිසක් එක් වූහ.

No comments:

Ad
Powered by Blogger.