ගෝඨා ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස්ද? : 26 දා තීන්දුව!


ඇවන්ගාඩ් නඩුවේ චෝදනාවලින් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොණුකර ඇති අභියාචනයේ තීන්දුව ලබන මස 26 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දී තිබේ.

අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම අභියාචනය ඊයේ යළි කැදවනු කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම් දුන්නේය.

අල්ලස් කොමිසම පාර්ශවයෙන් සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවය වෙනුවෙන් ලිඛිත දේශණ මෙහිී ගොනුකර තිබේ.

පසුගිය රජය සමයේදී පාවෙන අවිගබඩාවක් පවත්වාගෙනයාම සදහා ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් අයාතනයට අවසර ලබා දීම මගින් රජයට රුපියල් කෝටි එක්දහස් එකසිය හතලිහක (රුපියල් කෝටි 1140) මුදලක් පාඩු කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු සැකකරුවන් 8දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මේ නඩු පවරා තිබේ.

එම නඩුවට අදාල චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට එරෙහිව අභියාචනයක් ගොනුකර ඇත.

No comments:

Ad
Powered by Blogger.