රනිල්ගෙන් එජාප මන්ත්‍රීන්ට වාරණයක්: ජනාධිපතිවරණය කල්දාන්න දෙන්නේ නෑ - ඇමති පාඨලී.


ඉදිරි ජනධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශ සිදු නොකරන ලෙස අග්‍රා‍මාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

ඊයේ(17) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී අග්‍රාමාත්‍යවරයා මෙම දැනුම් දීම  සිදුකර ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වු අතර එහිදි වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව දිර්ඝ වශයෙන් සාකච්ඡා වි තිබේ.


පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මේ බව පැවසීය.

ජනාධිපතිවරණය කල්දාන්න දෙන්නේ නෑ

මේ අතර මහ මැතිවරණ පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වීම අවශ්‍ය වෙන බවත් කෙසේ වුවත් අද අනිවාර්යයෙන්ම තිබිය යුතු මැතිවරණය වන්නේ පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණය බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ජනාධිපතිවරණය කිසිඳු ආකාරයකින් කල් දමන්න ඉඩ නොදෙන අතර එය ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු බවත් එසේම මහ මැතිවරණයත් ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතුව ඇතුවා මෙන්ම ඊට පිටතින් කටයුතු කරන්න පාර්ලිමේන්තුවටවත්, අධිකරණයටවත් ඉඩ තියන්නේ නැහැ යැයිද අමාත්‍යවරයා දැඩිව අවධාරණය කර සිටියි.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ මහා සංඝරත්නය 600 නමක් විෂයෙහි අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අභියස පැවති සංඝත දක්ෂිණාවකට හා පිංකම් මාලාවකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ව්‍යවස්ථාව උල්ලංඝනය කර කර මේ රටේ ජනතාවගේ ධනය නාස්ති කිරීම රටට උචිත දෙයක් නොවන බවත් එබැවින් ඔක්තෝම්බර් 08 වෙනිදායින් පසුව ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවිය යුතුයි. නියම වශයෙන් තියන්න තිබුණේ පළාත් සභා මැතිවරණය නොයෙක් හේතු නිසා පවත්වන්න නොහැකි වුණා. ජනාධිපතිවරණයට රට සූදානම් කරගන්න ඕන" යනුවෙන්ද පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් තේරීම් කාරක සභාව පිළිබඳව ද අමාත්‍යවරයා අදහස් පළකරමින් කියා සිටියේ, විපක්ෂයේ, ආණ්ඩුවේ සියළු දෙනාගේ කැමැත්තෙන් තමයි ඔය කාරක සභා කමිටුව පත් කළේ. එහි අරමුණ වූයේ ජනතාවට තිබූ ප‍්‍රශ්නයක් නිරාකරණය කිරීමට අනතුරු ඇඟවීම් කර තිබියදී, පූර්ව සිදුවීම් ගණනාවක් ඇතිවී තිබියදී කොහොමද අපරාධය සිදු වුනේ, කවුද වග උත්තර කරුවන් කියා සොයා ගැනීමයි. තේරීම් කාරක සභාව කළ යුත්තේ කවුද වැරදි කියා හොයන එක නොවෙයි. කොහොමද වැරදුනේ කියා හොයන එක. මෙම ත‍්‍රස්තවාදය මර්ධනය කිරීම හා ඉදිරියේදී මෙවැනි ප‍්‍රහාර වලක්වා ගැනීමයි වගකීම. පුද්ගලයන් පසුපස හඹා නොයා යුතු බවය.

තවද, මේ රටේ වරිග සභාවලින්, ගජමිතුරන්ගෙන් ජනාධිපති තෝරණ යුගය මේ ජනාධිපතිවරණයෙන් නවත්වනවා. කුසලතා පූර්ණ 5 ශිෂ්‍යත්වය පාස් වෙච්ච, උසස් පෙළ පාස් වෙච්ච, වෘත්තීය අධ්‍යාපනය ඇති පිරිසක් අතට දේශපාලනය භාර කළ යුතුයි. එයට අවශ්‍ය මුල් පියවර අප තබනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

No comments:

Ad
Powered by Blogger.