Ad

'රිස්ට්බරි' විල්පත්තුවට යලි පණ දෙන සොබාදම් ක‍්‍රියාන්විතයක.


ශ‍්‍රී ලංකාව යනු සොබාව සෞන්දර්යෙන් පිරි මනස්කාන්ත භූමියකි. මෙකි පාරිසරික වටිනාකමට ආලෝකයක් ගෙන දුන් විශේෂ සලකුණක් ලෙස විල්පත්තු වනාන්තරය හදුන්වා දිය හැක. කාලාන්තරයක් තිස්සේ විල්පත්තු වන සම්පතට සහ එහි ජීවත් වුනු වන සතුන්ට සිදු වූ හානිය ඛේදනීය ගැටළුවක්  වූ නමුත් ඒ සඳහා පිළියම් යෙදීමට අවශ්‍ය පියවර ගැනීමට  අපි සැවොම අපොහොසත් වුනු බව නොරහසකි.

මෙම අභියෝගාත්මක ජාතික වගකීමට උර දෙන්නට ශ‍්‍රී  ලංකා යුද  හමුදාව නිර්භීතව ඉදිරිපත් වීම ඉතා ප‍්‍රශංසනීයය. එහෙත් මෙම ක‍්‍රියාදාමය ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව සඳහන් කළ යුතුය. මේ සඳහා ශ‍්‍රමය කැප කිරීම මෙන්ම දිගු කාලීනව මෙම තුරුලතා රැුකගැනීම  දුෂ්කර කාර්යයකි. වියළි කලාපිය ප‍්‍රදේශවල දක්නට ලැබෙන ජල හිඟය මෙන්ම මිනිසුන්ගේ ආකල්පමය හේතුන් මෙම කාර්යය තවත් අසීරු කරවයි. මහා වනාන්තරයක් කපා විනාශ කිරිම එක් ක්ෂයනයකින් සිදු කළ හැකිය.  නමුත් නැවත පැල සිටුවා එය රැුක බලා ගෙන යථා තත්ත්වයට පත් කර වනසතුන් හුරු කරවීමට වසර ගණනාවක් ගතවේ. එය දීර්ඝ කාලින අභියෝගාත්මක දැවැන්ත ක‍්‍රියාවලියකි.

මේ අවස්ථාවේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන දේශීය සමාගමක් ලෙසත්, රටේ ජාතික අවශ්‍යතාවන්ට උරදෙමින් නිරතුරුව සමාජ සත්කාරක වැඩ සටහන් දියත් කරන සන්නාමයක් ලෙසත්, ”රිට්ස්බරි” විල්පත්තුවට යලි පණ දෙන ක‍්‍රියාන්විතයේ මුල්‍යමය දායකත්වය ලබා දීමට පුර්ණ අනුග‍්‍රාහකයා ලෙස ඉදිරිපත් විය.

ඒ අනුව සිය ජාතික සමාජ සත්කාරක සේවාවේ තවත් එක් කැපී පෙනෙන සත්කාරයක් ලෙස විල්පත්තුව යලි නා`ගා සිටු වීම සඳහා රිට්ස්බරි දිගුකාලීනව තම පුර්ණ අනුග‍්‍රාහකත්වය සපයයි. මේ විසල් මෙහෙවර සඳහා ශ‍්‍රී ලංකා යුද හමුදාවෙන් ලැබුණු ආරාධනය රිට්ස්බරි සමාගමට ගෙන දෙන්නේ නිහතමානි ආඩම්බරයක් බවද එම සමාගම පෙන්වා දෙයි.

මෙම වැඩ පිළිවෙලේ  "රිට්ස්බරි සමඟ තුරුලිය වෙනුවෙන්  අපි”  දෙවන අදියර පසුගිය 18 වෙනිදා යුද හමුදාපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට පාසල් ළමුන් 2000ට අධික පිරිසක් සහභාගී විය.  හරිත ලෝකය ගොඩ නගන පාඩමේ කොටස්කරුවන් ලෙස පාසල් දරුවන් දැනුවත් කිරීමට ලැබීම ද රිට්ස්බරි ආයතනය මෙහිදී ලැබූ තවත් ජයග‍්‍රහණයකි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.