බස් ගාස්තු වැඩි කිරීම හිතුමතේ: අවම ගාස්තුව 15ක් කරන්න යන බවට මගීන්ගෙන් චෝදනා!

ඉන්ධන සඳහා පවතින මිල සූත්‍රයට සමාන නව බස් ගාස්තු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ලබා දුන් පොරොන්දුව පුස්සක් වී ඇති බව  සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය චෝදනා කරයි.

අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව නව බස් ගාස්තු ප්‍රතිපත්තියක් ලබන ජූලි පළමුවන දින සිදු කිරීමට නියමිත නව බස් ගාස්තු සංශෝධනයට පෙර සිදුකරන බවට පසුගිය ජනවාරි මාසයේ ප්‍රකාශයට පත් කළ ද මේ වන තෙක් එම නව බස් ගාස්තු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට නැති බවයි.

එසෙම ජූලි පළමුවන දින සිදුවිය යුතු ජාතික බස් ගාස්තු සංශෝධනයේදී රුපියල් 12ක්ව පවතින අවම ගාස්තුව කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව රුපියල් 15ක් දක්වා වැඩි කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පිඹුරුපත් සකස් කරමින් සිටින බව චෝදනා කරන සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය දිගින් දිගට බොරු පොරොන්දු ලබා දෙමින් මගී ජනතාව රවටමින් සිටින ප්‍රවාහන බලධාරීන් පසුගිය වසරේ (2018) දෙසැම්බර් 31 වැනිදායින් පසුව අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කිරීමට ගත් තීරණය ද මෙවැනිම බොරු පොරොන්දුවක් බවට පත් වු බව ද පෙන්වා දී තිබේ.

එසේම දිවයින තුළ සමාජ-ආර්ථික සංවර්ධනයක් ඇතිකිරීම සඳහා ගුණාත්මක, පිරිවැය ඵලදායී සහ ආරක්ෂාකාරී ඒකාබද්ධ ප්‍රවාහන පද්ධතියක් හා සේවාවක් මගින් ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුගේම විවිධ ගමනාගමන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා සහතිකවීම අරමුණු කරගත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මෙම වගකීම් විරහිත ක්‍රියා කලාපය සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය එම නිවෙදනය මඟින් දැඩි පිළිකුලින් යුතුව හෙළා දකියි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.