රනිල්ගේ ආශීර්වාදයෙන්, සජිත් අනිවාර්යයෙන්ම ජනපති වෙන බවට තලතාගෙන් සහතිකයක්!


අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම ජනපති වෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශීර්වාදය ලබාගනිමින් ඔහු ජනපති අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවත් අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය සඳහන් කරයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ, කහවත්ත, බුංගිරියේ, ඉදි වු 204 වන ආදර්ශ ගම්මානය කටුරොදගම ඊයේ (20දා) ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

 “සජිත් ඇමතිතුමා අපි නම් ඔක්කොම බලා ගෙන ඉන්නවා එතුමා ජනාධිපති වෙනවා කියලා .ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ඒ ගැන කිසි සැකයක් තියා ගන්ඩ එපා .

අපි මේකට කැප වුණේ අද ඊයේ නෙවෙයි.අපි සෑහෙන කාලයක් තිස්සේ ඉදලා දුප්පතාගේ දුක හදුනන පොළොවේ පය ගහලා ඉන්න තමුන්නාන්සේලා වෙනුවෙන් සේවය කරන නායකයෙක් අපේ පක්ෂයෙන් ජනාධිපති කරන්න අපි ඇප කැප වෙනවා කියන එක මතක් කරන්න ඕන.

ඒක අපේ පක්ෂයේ නායකතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශිර්වාදය ඇතිව අපි අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ අවස්ථාව ලබා ගන්නවා.”

No comments:

Ad
Powered by Blogger.