Ad

දිවයිනට, සාෆි ගැන ලියූ මාධ්‍යවේදියාට, DIGට නඩු: DIGගෙන් පැය 08ක ප්‍රකාශයක්.


දිවයින පුවත්පතට, දොස්තර සාෆි මොහොමඩ් ගැන ලිපියක් ලියූ මාධ්‍යවේදියෙකුට හා කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩුවක් පැවරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රාවය පුවත්පත වාර්තා කර තිබේ.

එම නඩුව ගොනු කිරීමට සැරසෙන්නේ 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත යටතේ බවද පැවසේ.

කෙසේවුවද, කුරුණෑගල රෝහලේ දී සිදුකළ සිසේරියන් සැත්කම් අතරතුරදී කාන්තාවන් හාරදහසක් පමණ වන්ද්‍යාකරනයට ලක්කර ඇතැයි දිවයින පුවත්පත පළ කළ ප්‍රවෘත්තිය මූලික හේතුව ලෙස ගනිමින් ජනාධිපති උපදේශක අතුරලියේ රතන හිමියන් විසින් උපහාසයක් කිරීම, පොලිස් නිලධාරීන් එක්දහස් පන්සියයක් පමණ රාජකාරීයේ යෙදවීමට සිදුවීම, ඇමැතිවරු කිහිපදෙනෙකුට අමාත්‍ය ධූරවලින් ඉවත් වීමට සිදුවීමත් සමග රටේ ජාතීන් අතර ගැටුම් ඇතිවීම යන කාරණා මත අදාළ පනත යටතේ නඩු පැවරීමට සැරසෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝගය මත පරීක්ෂණ සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සොයාගෙන ඇති කරුණු අනුව වෛද්‍ය මොහොමඩ් සාෆි අතින් එවැනි වරදක් සිදුව නැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමට සැරසෙන බවද පැවසේ.

එසේම එළඹෙන 27 වැනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට සිය පරීක්ෂණ අනුව කරුණු ගොනු කිරීමට රහස් පොලිසිය සූදානමින් සිටින බවත් එහිදී කරුණු රැසක් හෙළි කිරීමට සැරසෙන බවද වාර්තා කර ඇත.

මාධ්‍යවේදියා විසින් අදාළ තොරතුර ලබාදුන්නේ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් බව රහස් පොලිසියට අනාවරණය කර ඇති බවද පැවසේ.

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිගෙන් පැය 08ක ප්‍රකාශයක්

මෙ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතාගේ සිද්ධියට අදාළව කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  මංකොල්ලකෑම් විමර්ශන අංශය ඊයේ (21) පැය 08ක පමණ කාලයක් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ.

වෛද්‍ය මොහොමඩ් ෂාෆි මහතා සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාවකට අදාළව මෙන්ම, එම වෛද්‍යවරයාගේ වත්කම් පිළිබද නියෝජ්‍ය පොලිස්පතිවරයා සිදුකළ පරික්ෂණ සම්බන්ධයෙන් මෙම ප‍්‍රකාශ සටහන් කර ගැනීම සිදුකර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

තවදුරටත් ප‍්‍රකාශ සටහන් කර ගත යුතු වුවහොත් නැවත කැදවනු ලබන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු වෙත දැනුම් දී ඇතැයිද වාර්තා වේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.