තේරීම් කාරක සභාව අගමැතිවත් කැඳවයි: ඇත්ත හෙළිවෙයි!


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු කැඳවීමට සාකච්ඡාවී ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ සඳහා සහභාගීවීමට කැමැත්ත එම තේරීම් කාරක සභාව හමුවට පැමිණීමට අග්‍රාමාත්‍යවරයා මේවන විටත් කැමැත්ත පළ කර ඇත.

පසුගිය මැයි මස 28වනදා පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ප්‍රථමවරට රැස්වීමෙන් පසු පාර්ශව කිහිපයක් කැඳවා සාක්ෂි සටහන් කරගත්තේය.

අවසන් වරට තේරීම් කාරක සභාව පසුගිය 20වනදා රැස් වූ අතර එහිදී ඉදිරියේදී කමිටුවට හමුවට කැඳවිය යුතු පුද්ගලයන් පිළිබඳ තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව තේරීම් කාරක සභාව හමුවට සාක්ෂි ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන හා නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර සහ සාගල රත්නායක කමිටුව හමුවට කැඳවීමට නියමිතය.

පාස්කු ප්‍රහාරය වළක්වාගන්න තිබුණාද නැද්ද : තේරීම් කාරක සභාවේදී හෙළිවෙයි
  
මේ අතර මෙම ප්‍රහාරය වලක්වා ගැනීමට හැකියාව තිබුනේද, එසේ හැකියාව තිබුනේ නම් වලක්වා ගැනීමට අසමත් වූයේ කුමන හේතු මතද යන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අනාවරණය වනු ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

එසේම අන්තවාදය පැතිරවීම සඳහා කිසිදු කණ්ඩායමකට ඉඩ නොතබන බවත්, එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් හෙලිදරව් කිරීම මෙන්ම සිදුවන පරීක්ෂණ කටයුතු සඳහා සහයෝගය ලබාදීම ජනතාවගේද වගකීමක් බවද ඔහු සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පෙරේදා (21) ගාල්ල හිනිදුම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්ය.

පාස්කු ප්‍රහාරයට සෘජුවම සබඳතා දැක්වූ පුද්ගලයන් සියලු දෙනාම මේ වනවිට අත්අඩංගුවේ හෝ රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන හෝ සිටින බව පවසන අග්‍රාමාත්‍යවරයා ප්‍රහාරය සිදු වී පැය 24 ක් ඉක්ම යාමට පෙර ප්‍රහාරයට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම ආරම්භ කිරීමට හැකි වූ බවත් එහිදී පැවසීය.

මොහමඩ් සහරාන්ගේ සහ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ කටයුතුවලට සම්බන්ධ වූ දේශනවලට සම්බන්ධ වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ද පරීක්ෂණ පවත්වන බවත් සහරාන් සමග තේ බීපු අයට පරෙස්සමෙන් ඉන්නැයි අනතුරු අඟවන බව ද කියා සිටියේය.

No comments:

Ad
Powered by Blogger.