කමිටුව ඇත්ත පාවාදෙයි: බුද්ධි ලොක්කන්ගෙන් ප්‍රශ්නකිරීම් නවතී.


පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන කරුණු විමර්ශනය කරන පාර්ලිමේන්තු කාරක සභාවට රාජ්‍ය බුද්ධි අංශවල ප්‍රධානීන් කිසිවකු හෝ කැඳවා ප්‍රශ්න නොකිරීමට එම කමිටුව තීන්දුකර ඇතැයි වාර්තා වෙයි.

ඉහළ පෙළේ පාර්ලිමේන්තු ආංරචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයා කතානායකවරයාගෙන් කරන ලද විශේෂ ඉල්ලීමක් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. එහෙත් ජනාධිපතිවරයා බුද්ධි අංශ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න නොකරන්නැයි ඉල්ලීමට පෙර කමිටුව තීරණය කර තිබුණේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන, සී.අයි.ඩීය භාර නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, සී.අයි.ඩී.යේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වැනි ඉහළ පෙළේ බුද්ධි අංශ ප්‍රධානීන් කැඳවා මේ ගැන ප්‍රශ්න කිරීමටයි.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඉදිරිපත් කෙරුණු සාක්ෂි මගින් අනාවරණය වූ තොරතුරු අනුව රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන කැඳවීමකින් තොරව කාරක සභාව පවත්වාගෙන යාම තේරුමක් නොමැති බව එහි සාමාජිකයන්ගේ අදහස වී ඇති බවත් දැනගන්නට ඇත.

නිලන්ත වැදගත් ඇයි?

වාර්තා වන ආකාරයට මෙහිදී රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනව පාස්කු ප්‍රහාරය සම්බන්ධව කටයුතු කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට කැඳවීම තීරණාත්මක වී ඇත්තේ, පාස්කු ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධව ලැබී තිබුණු බුද්ධි තොරතුරු නිසි ලෙස ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම නීතිය හා සාමය අමාත්‍යවරයා ද වන රටේ ජාතික ආරක්ෂාව සියළු වගකීම් ඇති ජනාධිපතිට දැන්වුයේද නැද්ද යන්න තහවුරු කර ගැනීමටය.

මේ කාරණය පිළිබඳ අනාවරණය කර ගැනීම තීරණාත්මක සාක්ෂියක් වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව කිසිවක් ගැන තමන්ට දැනුම්දී නොතිබුණු බව ජනාධිපති සිරිසේන මේ වන විටත් රට හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශකර ඇති නිසාය. ඒ සත්‍යක් වන බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට යන රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සිය සාක්ෂියේ දී පිළිගත හොත් පාස්කු ප්‍රහාරය හමුවේ විනාශවී ගිය මිනිස් ජීවිත මෙන්ම දේපළ සම්බන්ධව දැඩි වගකීමක් ඔහුට පැවරේ.


නමුත් තමන් නිසි ලෙස අදාළ බුද්ධි වාර්තා ජනාධිපතිට දැන්වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සිය සාක්ෂියේදී අනාවරණය කළහොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ වන තෙක් ජනාධිපති සිරිසේන කළ කී දේ සියල්ල පාහේ බොරු වෙනවා පමණක් නොව චෝදනා රැසක් සම්බන්ධව වගකියන්නටද ජනාධිපති සිරිසේනට සිදුවීම වැළක්විය නොහැකිව පවතී.

No comments:

Ad
Powered by Blogger.