පොහොට්ටුව මරාගනියි: බැසිල්ට ගහන්න විමල්ට කොන්ත්‍රාත්තුවක්!


එළැඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකත්වය සම්බන්ධව රාජපක්ෂ පවුල තුළ ඇතිව තිබෙන බල පොරය මේ වන විට පොහොට්ටු පාර්ශවය නියෝජනය කරන අනෙක් පාර්ශවයන්ගේ ද ගහමරා ගැනිල්ලක් බවට පත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

වීරවංශ බැසිල්ට ගහයි !

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිය මාධ්‍ය ජාලය යොදවා බැසිල් රාජපක්ෂට එරෙහි විරෝධයක් අවුළුවා ඇති අතර එහිදී leadnews වෙබ් අඩවිය හරහා බැසිල් රාජපක්ෂ අන්තිම පහත් තැනට ඇදදමා ඇත්තේ " මහින්දට කළ දේම ගෝඨාට කළොත් රටට දෙවියන්ගේම පිහිටයි" යනුවෙනි.

මේ තරම් පහත් තැනකට පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂව ඇද දමන්නට වීරවංශ මන්ත්‍රීවරයා සිය මාධ්‍ය මෙහෙයවා ඇත්තේ " ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සදහා යෝජනා වුවහොත් මහින්ද රාජපක්ෂට කැපවූවා මෙන් දෙගුණයක් කැපවෙනවා " යනුවෙන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධවය.

වෙල්ගම දාලා ගෝඨාට ගස්වන්නේ බැසිල් !

මේ අතර පොහොට්ටු පාර්ශවයේ තවත් කණ්ඩායමක් චෝදනා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විසින් දිගින් දිගටම ගෝඨාභය රාජපක්ෂව විවේචනය කිරීම පිටුපස බැසිල් රාජපක්ෂ සිටින බවය.

රෙද්ද බැනියම අදින අපේක්ෂකයකු ගැන කියමින් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ හැර වෙනත් ඕනෑම රාජපක්‍ෂවරයෙකු වෙත සහයදීමේ ප්‍රතිපත්තියක් හැගවෙන බවය.

ගෝඨා කියන්නේ යුද්ධෙට බයේ මේ රට දාලා ඇමරිකාවට පැනලා ගිය කෙනෙක්
   
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා යනු යුද්ධයට බයේ ශ්‍රී ලංකාව අතැර ඇමරිකාවට පැනගිය පුද්ගලයකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. 

ඒ අනුව දැනට ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිටින දක්ෂතම පුද්ගලයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බවයි ඒ මහතා අවධාරණය කළේ. 

කුමාර වෙල්ගම මහතා මේ බව පැවසුවේ කළුතරදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. 

රටේ ආරක්ෂක තත්වයට වගකීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණිය යුතුයැයි උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමසීමේදී 


"රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, ඒක ඇත්ත. හැබැයි මම ඔය කතාව නිවැරදි කරනවා. ඒ තමයි, මට පේන හැටියට දැනට ලංකාවේ ආරක්ෂාව පිළිබඳ ඉන්න දක්ෂම එක්කෙනා තමයි සරත් ෆොන්සේකා මහත්තයා. එතුමා සටන් බිමේ ඉඳන් සටන් කරපු සොල්දාදුවෙක් හැටියට, නැත්නම් නිලධාරියෙක් හැටියට බලනකොට ඔය ගම්මන්පිල මහත්තයා කියපු පුද්ගලයා යුද්ධෙට බයේ මේ රට දාලා පැනලා ඇමරිකාවට ගිය කෙනෙක්" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

No comments:

Ad
Powered by Blogger.