එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ ඇමතුම: සිරිසේනට නොතේරෙයි?


මරණ දඩුවම නියමව සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ක්‍රියාත්මක නොකරනවානම් වඩා යහපත් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පවසා ඇතැයි වාර්තා වේ.

පසුගිය 27 වනදා ජනාධිපති සිරිසේන වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇති මහලේකම්වරයා මේ බව සඳහන් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට මම කියලා දුන්නා - ජනාධිපති

කෙසේ වුවත් පොළොන්නරුවේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපති සිරිසේන සදහන් කර ඇත්තේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් තමන් වෙතින් විමසීමේදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හේතු පැහැදිලි කළ බවය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කියපු දේ ජනාධිපතිට තේරුනාදැයි සැකයි - දේශපාලන විචාරකයන්

මේ සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් සදහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් සිදුකළ විමසීම අවශ්‍ය බරින් යුතුව ජනාධිපති සිරිසේන තේරීම් ගත්තේද යන්න සැකසහිත බවය.

රාජතාන්ත්‍රික විමසීම් සම්බන්ධව පමණක් නොව ව්‍යවස්ථාව සම්බන්ධව පවා ජනාධිපති සිරිසේනගේ ඇත්තේ නොමේරූ දැනුමක් බවත් එබැවින් ශිෂ්ට ලෝකයම ප්‍රතික්ෂේප කරන , විරුද්ධත්වය දක්වන කරුණක් ගැන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් දුරකථන ඇමතුමක් ලබාදී විමසීම පවා අවුලක් බව ජනාධිපති තේරීම් නොගත් තත්ත්වයක් පෙන්නුම් කරන බවත් විචාරකයන් සදහන් කරයි.

ජාත්‍යන්තරයම විරුද්ධයි !

ලබන සතිය තුළ සිව් දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමා ලියවිල්ලකට අත්සන් තබා ඇතැයි ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයත් සමඟ ජාත්‍යන්තර ප්‍රජාව එම තීන්දුව සම්බන්ධව කණගාටුව ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හා මහාබ්‍රිතාන්‍ය, කැනඩාව , නෝර්වේ ඇතුළු රටවල් කිහිපයක් මේ වන විට නිවේදන නිකුත් කරමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව මෙම තීන්දුව ක්‍රියාත්මක කරන්නේ නම් ඉදිරියේ දී සහයෝගයෙන් කටයුතු කිරීම දුෂ්කර වනු ඇති බවය.

ලබන සතිය අවසන් වන තුරු කිසිවෙකු එල්ලන්නේ නෑ!

මේ අතර ලබන සතිය අවසන් වනතුරු මරණ දඬුවම ක්‍රියාත්මක කරමින් තමන් යටතේ සිටින කිසිම පුද්ගලයකු එල්ලා මැරීම සිදු නොකිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි විජේනාත් තෙන්නකොන්  පෙරේදා( 28) අධිකරණය හමුවේ එකඟතාවය පළකර ඇත.

මරණදඬුවම් ක්‍රියාත්මක කරමින් කිසිම පුද්ගලයකු එල්ලා මැරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පුවත්පත් කතුවරයකු ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වන්නැයි නියෝග කරමින් අභියාචනාධිකරණය ඊයේ නීතිපතිට නොතීසි නිකුත් කළේය.

ඒ අනුව ඊයේ දවල් 2.30ට නීතිපතිට අධිකරණය හමුවේ පෙනී සිටියේය. නිතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා දන්වා සිටියේ ජනාධිපතිවරයා ගේ ක්‍රියාවක් අභියෝගයට ලක් කීරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවය.


කරුණු සැළකිල්ලට ගත් අභියාචනාධිකරණය ජුලි 2 වැනිදා මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තීන්දු කළ අතර එදිනට නීතිපති මූලික විරෝධතාවයක් ඉදිරිපත් කරන බවද අධිකරණයට දැන්වීය.

No comments:

Ad
Powered by Blogger.