බයිලා විතරයි: මරණ දඬුවමට ජනපතිගෙන් අධිකරණ අමාත්‍යංශයට තවම විධානයක් නෑ!


මරණීය දණ්ඩනයට නියම වූ සිවුදෙනෙකු ඒ සඳහා සූදානම් කරන ලෙස මෙතෙක් අධිකරණ අමාත්‍යංශයට ජනාධිපති නියෝගයක් ලැබී නැතැයි වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සතියේ කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළ වැරදිකරුවන් සිව්දෙනෙකු මරණීය දණ්ඩනය ලබාදීමට නියෝග කළ බවයි.

කෙසේ වෙතත්, අධිකරණ අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල මහතා සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කරන ලද ලියවිල්ලක් අමාත්‍යාංශයට මෙතෙක් ලැබී නොමැති බවයි.

අලුගෝසු තනතුර සඳහාට අයකු පත් කිරීමට කෙටි ලැයිස්තු ගත කර ඇති බවත්, ඔවුන්ට එල්ලුම් ගහ සඳහා පුහුණු වැඩසටහනක් පවත්වා ඇතත් කිසිවෙකු මෙතෙක් තෝරාගෙන නොමැති බවද ඔහු පැවසීය.

No comments:

Ad
Powered by Blogger.