බැසිල් ඊ කැන්වසින් අරඹයි: මෛත්‍රීට නිව් මීඩියා අධ්‍යක්ෂවරයෙක්: රනිල්ගේ නිව් මීඩියා වහලා.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණ වලදී සිය පක්ෂයේ ප්‍රචාරණ කටයුතු වලට ප්‍රචාරණය ලබා ගැනීමට නව මාධ්‍ය (New Media) කෙරෙහි වැඩි විශ්වාසයක් තබමින් එම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට වැඩපිළිවලක් ආරම්භ කර තිබේ.

එම නව වැඩපිළිවල e- canvassing ජාතික මෙහෙයුම ලෙස නම්කර ඇත.

එහි ආරම්භක ආදර්ශ වැඩ සටහන පසුගිය ජූලි 01 වැනිදා ආරම්භ කර තිබිණි.

මේවන විට දිස්ත්‍රික්කයකට එක් මධ්‍යස්ථානය බැගින් රටපුරා මධ්‍යස්ථාන 17ක් ස්ථාපනය කර ඇති බව පැවසේ.

මෛත්‍රීට නිව් මීඩියා අධ්‍යක්ෂවරයෙක්

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඉදිරි මැතිවරණ කටයුතු සඳහා නව මාධ්‍ය අධ්‍යක්ෂවරයකු බඳවාගෙන ඔහුට වැඩි රාජකාරි පවරා ඇති බව වාර්තා වේ.

නව මාධ්‍ය ඔස්සේ අලුත් ප්‍රචාරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔහු මේ දිවනල සොයමින් සිටින බවත් වාර්තා වේ.

රනිල්ගේ නිව් මීඩියා, සහෝදරිය වහල දාලා

පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙතෙක් පවත්වාගෙන ආ අග්‍රාමාත්‍යවරයාගේ ඩිජිටල් මාධ්‍ය අංශයේ සේවකයන්ට ඇතුළු විය නොහැකි ලෙස එම අංශයට දොරගුළු ලා එහි යතුරු අගමැති සොයුරිය වන ශානිකා වික්‍රමසිංහ මහත්මිය රැගෙන ගොස් ඇති බවයි.

No comments:

Ad
Powered by Blogger.